
(රංජන් කස්තුරි )
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
ඒ අනුව ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් අද සිට ඉගැන්වීම්ක්‍රියාවලියෙන් බාහිර කිසිදු කටයුත්තක නොයෙදෙන බව ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ ගුරු උපදේශකයන් එම කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සමග හෝ පළාත් අධ්‍යාපන කාර්යාල සමඟ හෝ කටයුතු කරන සියලු වට්ස් ඇප් සමූහවලින් ඉවත්ව සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
හරි, මේ සති දෙකේවත් ටියුෂන් නවත්තලා හරියට අකුරටම උගන්නපල්ලා
ඒක හොද ක්‍රියාමාර්ගයක්, දැන් වැඩ වර්ජන කිරීමට කාලය නොවෙයි. ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මකයි. ඒකේ ජයග්‍රහණය රනිල්ට හිමි උනොත් රට විශාල අවුලකට යනවා, ඒ නිසා රනිල් ප්‍රමුඛ රාජපක්ෂ මෘග පාලනය පරාජය කරන්න නම් ඉවසීමෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කරන්න ඕනා.
කවද්ද ගුරුවරුන් වැඩ කරන්නෙ කියලා මේ බලන් ඉන්නෙ
අකුරට වැඩ කලයුත්තේ ගුරුවරුන්ම තමයි .නමුත් මොවුන් වෘර්තීය සමිති අතකොලු වෙලා ගුරු හොරු වෙලා .වැඩවර්ජන කරන්න ගුරුවරු සිසුන්ට දෙන ආදර්ශය කොයි වගේ වෙයිද
එතකොට ටියුෂන් වලට මොකද වෙන්නෙ? අකුරට වැඩ හැමදාම කරනව නම් ටියුෂන් අවශ්‍ය වෙන්නේ නෑ.
අමතර පන්ති කරන එකත් අකුරට කරන්න.
මේ දිනවල මාලිමාවේ ගොට්ටෝ මාලිමාව දිනවීමට පුළුවන්ද බලන්න සමීක්ෂණයක් කරනවා. ඒ නිසා දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඔය කියන අය ඔබ හමුවට එනවාද බලා පලවා හරිනවා නම් හොඳයි... හැඳුනුම්පත බැලුවාම ඒක තේරුම් ගන්න පුළුවන්...!