IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිඩන්ට වඩා කමලා හැරිස් පරාජය කිරීම පහසුයි - ට්‍රම්ප්

ජනාධිපති ජෝ බයිඩන්ට වඩා, කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඇය පරාජය කිරීම තමන්ට පහසුවක් වනු ඇති බව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

‘බයිඩන් වගේ නොවෙයි. කමලා හැරිස් පරාජය කිරීම අමාරු වෙන්නේ නැහැ‘ යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්බන්ධ වෙමිනි. 

ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස්, ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමට ජනාධිපති ජෝ පියවර ගැනීමත් සමඟ කමලා හැරිස් අවධාරණය කළේ තමන් කෙසේ හෝ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරන බවය. ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වීමක් කළේ කමලා හැරිස්ගේ මෙම ප්‍රකාශයටය.

මේ වනවිට ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ උප ජනාධිපතිනී කමලා හැරිස් විවේචනය කිරීම ආරම්භ කර ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී, ජෝ බයිඩන්, කමලා හැරිස්, උප ජනාපධිති ධුරයට නම් කරද්දී ද ට්‍රම්ප් දිගින් දිගටම කමලා හැරිස් විවේචනය කළේය.

බයිඩන් විසින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ කමලා හැරිස්ට, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නම්, ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිවිය යුතුය. ඉදිරි දින කීපයේ ඒ සඳහා කටයුතු යෙදෙනු ඇතැයි ද පැවැසෙයි.

59 හැවිරිදි කමලා හැරිස්ට, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාපධිතිවරණයෙන් ජය ගැනීමට හැකිවුවහොත්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත. 

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

බයිඩන්ට වඩා කමලා හැරිස් පරාජය කිරීම පහසුයි - ට්‍රම්ප්

රංබොඩ Monday, 22 July 2024 09:31 AM

ඉන්දීය සම්භවයකින් යුක්ත කළු හමක් ඇති කමලා හැරිස්ට ඇමෙරිකානුවන් ඡන්ද නොදෙනු ඇත. ට්‍රම් නිතරගයෙන් ම ජනාධිපති වෙයි

:       2       9

NANDALAL DE SILVA - France Tuesday, 23 July 2024 02:37 PM

විදේශීය සම්බවයක් සහ කලඅ හමක් ඇති බැරැක් ඔබාමා දෙවරක්ම රටේ ජනපති හැටිවට විශාල ඡන්ද පමාණයකින් තෝරා පත් කර ගත් බවත් බවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site