
(කේ. බුද්ධික කුමාරසිරි)
ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ නිසාවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබදව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇත.
එමෙන්ම ප්‍රාථමික පන්ති සදහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර ඇත.
COMMENTS
මුං ඔක්කෝම එකතුවෙලා අපිව ලෝකේ හිඟා කන රටක් බවට පත් කලා. ළමයින්ගේ ඇදුම් ටිකත් හිඟා කාලා ඇන්දට මොකද ,යන්නේ වී8 යන්තරේ. මෙහෙම යනකොට යට ඇඳුම් හිගා කන්නත් පිටරට යන්න වෙයි… මෙවර චන්දෙන් මුංව එළවලාම දාන්න.
තමන්ගේ දරුවාගේ රෙදි අල්ලපු ගෙදර මිනිහ හරි එහා ගමේ මිනිහ හරි දෙන එක ගැන ආඩම්බරද ?
හරියට ක්‍රිකට් ලෝක කුසලානය දින්නා වගේ බොහොම ආඩම්බරයෙන් කියවනවා, ලැජ්ජා වෙන්න ඕනා තමුසෙලා අවුරුදු හැත්තෑ හයක් රටට කොරලා අන්තීමට රට ගෙනාව තැන. දරුවන්ගේ නිළ ඇදුමත් හිගාකාල අරන් දෙන්න වෙලා.
මේවා සතුටු වෙන්න කාරනා නෙවෙයි. ජාතියේම ඇඳුම් ගැළැවෙන කාරණා.
දැන් එතකොට හාල් කිලෝ 10යි , සුදු රෙදි යාරයයි අරගෙන අපි ආයෙත් උඹලට ඡන්දේ දෙන්න ඕනේද ? රෙදි ගෙනාවේ චීනෙන් නේද? එහෙනම් ඔය කතා කියපන් කොන්ඩේ බැඳපු චීනුන්ට .
ලෝකයෙන්ම හිඟාකන එකම රට...