
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනාවල PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS