
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් නිසා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.
ඡන්දයෙන් ගනුදෙනුව බේරාගන්නා බවත් රට පනින්න ඉඩ නොදෙන අතර හැංගෙන්නට ඉඩක් නොලැබෙන්නේ යැයි වසන්ත සමරසිංහ මහතා කළ තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බව කී ගුණවර්ධන මහතා හඩ්ඩලාට නවතින්න වන්නේ හඳේ තමයි යනුවෙන්ද ඔහු සඳහන් කර ඇතැයි කීය.
ඡන්දයෙන් පසුව රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ නියෝජිතයෙන් බැවින් ඔවුන් ඒ ගැන බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ මහතා කියා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙවැනි තර්ජන නතර කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍යකරුවකුට තර්ජනයක් තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කටයුතු කරමු යැයි යෝජනා කරන බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
ජේවිපි එකේ.මේ කතා නිසා අන්තිමට පිට රටවල ඉන්න මාලිමා නොවෙන ලාංකික අයටත් ඒ රටවල නීතිය හසුරුවන පොලිසි සහ රාජ්‍යයන්ගෙන් කරදර ඇතිවෙන්න පුළුවන්. මේ අයට ඇත්තටම පරණ ගති ඇරගන්න බෑ. කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ කිව්වා වගේ ජේවීපී එකට මාලිමාව කියලා නම මාරු කරගත්තාට ජේවීපී ගතියටම ආපහු යන්න හදන්නේ. හරිනි අමරසූරිය කිව්වට පරණ අතීතය වැඩක් නෑ කියලා ඒ අතීතය වගේ ආපහු අපිට අනාගත මාලිමාව දෙන්න හදන්නේ.
හඩ්ඩා කියනකොටම මට මතක් වෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් නැමති සොදුරු මිනිසා….
හඩ්සන් සමරසිංහට විරුද්ධව ලොකු චෝදනාවක් තියෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා මැරුවා කියලා.විශ්වය නඩු අහන්න පටන් ගත්තම බලමු හඩ්සන් සමරසිංහට මොකද වෙන්නේ කියලා.
විශ්වය නඩු අහන්න පටන් ගත්ත දවසට බලන්නකෝ මොකද වෙන්නේ කියලා
මෙතුමා එන්පීපී එකට එච්චර බයද?
මේ ගලිකට හැමදාම ඕකට වැදිලා මිනිස්සුන්ට අපහාස කරනවා, පක්ෂවලට අවලාද කරනවා... ඒකට ඡන්දෙකින් ගනුදෙනුව බේරාගමු කියන එක මරණ තර්ජනයක් වෙන්නේ කොහොමද? අනේ ගඳ, සුවඳ නොදැනෙන, හැම පැත්තටම පස්චාත් භාගය දීපු මේ වගේ පංචස්කන්ධයකට කවුරු හිරිහැර කරන්නද? මේවා කවුරුත් ගණන් ගන්නේ නැහැ ඔයාලාගේ බයිලා අහපු කාලේ ඉවරයි...
කාණුවකට විසිවුණු අහර කුක්කෙක් නිකන් වචනයක් අල්ලාගෙන පොරවෙන්න හදනවා...
කවුද ටොමියෝ මේ..?
අහර කුක්කෙකුට මරන තර්ජන එල්ලවෙලා කියලා මගෙ ජීවිතේට අහපු පළවෙනි වතාව...!
මේ ආණ්ඩුවෙන් පස්සේ ඊශ්‍රායලයේ වගේ මොසාඩ් වගේ සේවකයක් පිහිටුවලා, වංචා, දූෂණ කරපු පිටරට පැන්න අයව දඩයම් කරන්න ඕනේ. අපි දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි එක එක දූෂිතයින්ට නිකං දෙන්න අපිට පිස්සුද? අපේ සල්ලි අපි ගන්නවා වැරැදි කරපු අය අඟහරුවල හිටියත් දඬුවම් දෙනවා. ඕක JVP එකෙන්ම කියන්න ඕනේ නෑ.
තමන්ව " පුංචි ප්‍රේමදාස "ලෙස හඳුන්වා දුන් ඔය කියන්න හඩ්සන් සමරසිංහ නොහොත් " හඩ්ඩා "ගේ කියුම් කෙරුම් චණ්ඩිපාට් ළඟදීම අවසන් වෙනබව මුළු රටම දන්නවා. ජනමාධ්‍ය වේදියෙකුට කිසිසේත්ම නොගැලපෙන ඉතාම අශ්ලීල , වනචර වාග් මාලාවක් යොදාගෙන තම විරුද්ධවාදීන්ට මඩ ගැසීමට දුෂිත දේශකාපාලු මිනීමරු හොරුන් යොදාගත්තේ මොහුවයි.තමන්ට අනාගතයේදී ප්‍රශ්නයක් වියහැකි සෑම දෙනෙක්ම මොහු විනාශ කළා, සමහරුන්ව නොඑන ගමන් යැව්වා. ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර කලාකරුවා ඝාතන සිද්ධියේ මහමොලකරුවා මේ හඩ්ඩා බව කවුරුත් දන්නවා.කලාත්මක නිර්මානශිලිත්වයෙන් ප්‍රේමකීර්ති සමග හැරෙන්නවත් බැරි මොහු ,ප්‍රේම් සමග දැඩි වයිරයෙන් සිටියේ. ඝාතනයෙන් පසු එකල තිබු මරුමොස් ප්‍රේමදාසගේ මිනීමරු ආණ්ඩුව ඒ ඝාතනයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට බැරකළා.වරක් ප්‍රේම්ගේ බිරිඳ මේ පිළිබඳව මහින්ද රාජපක්ෂට කීවා ප්‍රසිද්ධියේ ..නමුත් ඔහු එය ගණන් ගත්තේ නැහැ, මොකද හඩ්ඩාව ඔහුත් පාවිච්චි කළා. බන්ධුල ගුණවර්ධන ඔයාකලබල වෙන්න එපා ..හඩ්ඩාට පමණක් නොවෙයි අපරාධ කරපු ඔයගොල්ලෝ කාටවත් රටින් පිටවීම තහනම් වේවි ළඟදීම සියලුම අධිකරණ කටයුතු අවසන් වෙනකම්.
ඒ කෙසේ වෙතත් රේඩියෝ එකේ මේකගෙ වැසිකිලි කටෙන් පිටවෙන කාණු කතා ඇහෙනකොට රේඩියෝඑක හදපු එකාව මරන්න හිතෙනවා.
මේ ජේ.වී.පී කාරයෝ ඉන්නේ පුදුම වෛරයකින් බව මේ කොමෙන්ට් වලිනුත් පේනවා. එහෙම කරන දේසපාලනයකින් වෙන්නේ තමුන් සහ අන්‍යයන් දෙගොල්ලම විනාශ වෙන එක.
නඩුත් අහපන් ලංකාවේ නීතිය අනුව. වැරදි කාරයා. උනොත් අධිකරණයෙන් දෙන දඩුවම් දීපුදෙන්. හැබැයි ජෙප්පොන්ගේ කෑලා නීතිය අනුව නොවෙයි. ඔය වසන්ත කියන එකා කොහොමටත් පෙන්වන්නේ උන් බලයට ආවොත් උන්ට කැමති නැති ඕනෑම තරාතිරමක මිනිස්සුන්ට උන් දෙන Punishment ගැන තමයි .දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන්. ඒක තමයි උන්ගේ දර්ශනය .උන්ට විරුද්ද උනොත් විරුද්දවෙන එකා එලොව .හැබැයි උන් බලයට ආවොත්. නමුත් මේ තිරිසන් ජෙප්පොන්ට බලයට එන්න මේ රටේ කාලකන්නින් නොවන ජනතාව කවදාවත් ඉඩ තියන්නේ නෑ