හක්කා පටස් පුපුරා කුඩා දරුවකුට බරපතල තුවාල ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්‍රදේශයේ දි හක්කා පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි 01 March 2024
විදුලි බිල අඩු කිරීම දෙවැනි වරටත් කල්යයි විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම අද (1) පියවර ගත්තේය. 01 March 2024
’’රනිල්, ඔබ මගේ අවමංගල සභාව ඇමතිය යුතුයි’’ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2024
නීති විද්‍යාලයට වසර 150යි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාල කළමනාකාරීත්වය තැපැල් මුද්‍රාවක් නිකුත් කළේය. 01 March 2024
බිත්තර ගැන බලාපොරෙත්තුවක් ලබන සතියේ බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 01 March 2024
මෙම වසරේ විභාග කාලසටහන නිකුත් කරයි අපොස සාමාන්‍ය පෙළ විභාගය (2023) ලබන මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (1) නිල වශයෙන් නිවේදනය කළේය. 01 March 2024
සරසවි භික්ෂුවකට හා සිසුවෙකුට විවෘත වරෙන්තු විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා රැලියකට එක්ව අයුතු ජන රාශියක සාමාජිකයින් වී යයි චෝදනා ලත් භික්ෂුවකට හා සිසුවෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01) විවෘත වරෙන්තු නිකුත් කළේය. 01 March 2024
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනි නිවීමේ පෙරහුරුවක් මෙරට ප්‍රධානතම ගොඩනැගිල්ලක් වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනි නිවීම් සහ අනතුරු වැළැක්වීම පෙරහුරුවක් අද (1) පැවැත්විණි. 01 March 2024
පුටින්ගෙන් අනතුරු ඇඟවීමක් යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් එවූහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවූවේය. 01 March 2024
සංචාරකයින් පැමිණිමේ වර්ධනයක් ගෙවිගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි. 01 March 2024
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 01 March 2024
රජීව් ගාන්ධි ඝාතකයාගේ සිරුර මෙරට ඥාතීන්ට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත අද (01) දහවල් එවා තිබුණි. 01 March 2024
ජල මණ්ඩලයේ අන්තර් ජාලය බිඳ වැටිලා ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ අන්තර් ජාල ගෙවීම් ක්‍රමවේදය අද දින උදෑසන සිට බිඳ වැටී ඇතැයි අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි. 01 March 2024
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජූලි මස තාවකාලිකව වසයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන ජූලි මස තාවකාලිකව අත්හිටුවන බවත් වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්ත හෙවත් ‘මහපහදු නැවතුම 2024’ සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසීය. 01 March 2024
යුද්ධ කළ නැව් බලන්න ජනපති යයි ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. 01 March 2024
කන්දකාඩු වාර්තාව අධිකරණ ඇමතිට පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද(1) බාර දෙනු ලැබීය. 01 March 2024
විමල්ට සිතාසි වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යනුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව යළි කැඳවන මාර්තු මස 22 වැනිදා අනීවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද(01) සිතාසි නිකුත් කළේය. 01 March 2024
තායිලන්තයෙන් ලැබුණ ඩොලර් දුප්පතුන්ට දෙයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවී සමාජ සත්කාර වෙනුවෙන් ඇමරිකා ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළහ. 01 March 2024
මාර්ග අනතුරු අවම කරන්න විශේෂ තේරීම් කාරක සභාවක් මාර්ග අනතුරු හේතුවෙන් වටිනා මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට වන හානිය ඇතුළු විශාල හානීන් පිළිබඳව අවදානය යොමුකර ‘මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව’ක් පත්කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 01 March 2024
පාලකයන් රටේ ප්‍රශ්න වචන අස්සේ හංගනවා රට ගොදුරුව තිබූ දැවැන්ත අර්බුද ගණනාවකින් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ගෙඩගත්තේ යැයි වර්තමාන පාලකයන් පවසන බවත් මෙම පාලකයන් ඉන්නකම් අර්බුද ඉවර නොකරන බවත් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 01 March 2024
මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවෙන් මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 March 2024
නීතී විරෝධි රැස්වීමක් පැවැත්වූ සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේන ප්‍රදේශයේදී නීති විරෝධි රැස්වීමක් පවත්වමින් සිටි බව කියන සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 01 March 2024
දූපත් තුනකට විදුලිය දෙන්න ඉන්දියාවෙන් ඩොලර් ඩොලර් මිලියන 10 කට අධික මුදලක් වැය කරමින් යාපනය දූපත් තුනක් වෙනුවෙන් විදුලිබලය සැපයීම ස`ඳහා දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (1) පෙරවරුවේ ගිවිසුම්ගත විය. 01 March 2024
භූ විද්‍යා හා පතල් සභාපති අස්වෙයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 01 March 2024
උපයෝගිතා කොමිසම ලංවිම කැඳවයි විදුලි ගාස්තුව සියයට 14 කින් පමණක් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යොමුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහජන උපයෝගිතා කොමිසමේදී අද (1) පැවැත්වෙන බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 March 2024
තරඟකරුවන් දිරිගන්වන්න ගිහින් බසයට යටවු සිසුවා මරුට යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයේ තරඟකරුවන් දිරිගැන්වීම සඳහා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්ක රමින් සිටියදී ලංගම බස්රථයක පා පැදිය ගැටී සිදු අනතුරින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 01 March 2024
අහුංගල්ලේ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථකරුවකු මරුට අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි. 01 March 2024
පාසල් වෑන් රියට සිව් හැවිරිදි දරුවා බිලි කල්මුණේ පෙරියනීලාචනී පොලිස් වසමේ විශ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රියකට යටවීමෙන් සිව් හැවිරිදි දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 01 March 2024
කොළඹ සරසවියේ වැට ගැලවූ හොරාට දඬුවම 18ට කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැට ගලවාගෙන ගියේ යැයි කියන සංචාරක සොරා, අදාල චෝදනාවන්ට වරදකරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01)නියෝග කළේය. 01 March 2024
ඉන්ධන - ලිට්රෝ ගෑස් මිල මාර්තුවේ සංශෝධනය නොවේ ඉන්ධන මිල මෙම මස සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (1) පැවසීය. 01 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026