
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.
මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියගේ දියණිය පවා ඊයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීමද විශේෂත්වයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.
මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.



---------------------------------------------------------
පොහොට්ටුව තනිව ගමනකට සූදානම්
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (29) තීරණය කළේය.
මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.
එම රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්ද 68කින් සම්මත විය.
පොහොට්ටුවෙන් වෙනම ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි එහිදී තීරණය නොකෙරිණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයට සාමාජිකයෝ 82ක් ඇතුළත්වෙති.
එහෙත් මෙම රැස්වීමට සහභාගි වූයේ නියෝජිතයන් 79 දෙනෙකු පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී රැස්විය.
තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙකු පමණි.
ඒ අනුව පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව විවිධ කතාබස් ඇතිවීමෙන් එම සභාවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.
මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප් , රමේෂ් පතිරණ කාංචන විජේසේකර ප්‍රසන්න රණතුංග පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අය අතර වූහ.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ ජයග්‍රහණය කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද වනතුරු සහාය ලබාදුන් බවයි.
පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන මණ්ඩලයේදී අද තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරණයේදී තමාට සහය දෙන ලෙස ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටිකමත්, තණ්හාවත් මිනිසෙකුගේ පරිහානියට හේතු වේ.
මගේ මව්රටට තොපි කරා ඇති රා රැල , පලයව්
එක ආසනයක් දිනාගන්න බැරි වුණ කෙනෙකුට අගමැතිකම දීලා අනතුරුව පොහොට්ටුවේ 134 කගේ ඡන්දෙන් ජනාධිපති කරාට පස්සේ පොහොට්ටුව දියාරු කරන්න උස්සහ කරනකොට තවදුරත් සහය දේවිද ? බලතන්හව නිසා සහ කලගුණ නොදන්නා නිසා තමන්ගේ පක්ෂය පැත්තට දාල තමන් ඔසවා තැබූ එම පොහොට්ටු දුර්වල කිරීමට ගත් උසහය නිසා අත්වෙන ඉරණම
රාජපක්ෂ යුගය අවසන්ය. සේනානායක බණ්ඩාරනායක රාජපක්ෂ යුග අවසන්ය. රටට අදටත් පවතින සේවයක් කලේ එක කණ්ඩායමක් පමණි... ගොවි ජනපද මහවැලි ආදිය මගින් රටේ ආහාර සැපයුම දියුණුවට කෘෂිකර්මික දියුණුවට විදුලි බල සැපයුම මූලාරම්භය සේනානායකවරු දෙදෙනා පමණි... අන් සියල්ල බඩ වඩාගෙන රට කෑවා පමණි...
මිනිස්සුන්ගේ වැඩිම පිළිකුල තියෙන්නේ රාජපක්ෂලාට. එනිසා එම පවුල වෙනම ඡන්දේ ඉල්ලීම රනිල් මහතාට ආශීර්වාදයක්... රාජපක්ෂලා මෙදාපාර කුල්ල කුජීතම වෙනවා. එයාලට ඡන්ද ලක්ෂ 2ක් වත් රටේම නැහැ. ඔහොම යමු...
මිල්කෝ එක කනකොට පන්නපු එකත් වාඩිවෙලා ඉන්නෙ. මුන් සේරම එකයි. රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන වැඩකරනඋන් විශ්වාස කරන්න එපා.ඒව ඉබේම රැකෙනව පාලනය යහපත්නම් සහ නීතියෙ ආධිපත්‍යය සුරක්ෂිත නම්. ඒව කඩකරන උන්ට රටක් ජාතියක් රකින්න බැහැ තමුන්ගෙ වටේ කැරකෙන ඉහඳ පනුවො රකිනව මිස.
මේ ඔක්කොම නාට්‍ය හා රංග කලාවේ කොටසක්. තව කල් තියෙනවා අපේක්ෂකයෙකු පත් කරන්න පොහොට්ටුවෙන්. දැන් කරන්නේ පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරු ගහගන්න එක රනිල්ට සහාය දෙනවා කොටසක් සහ නොදෙනවා කියලා. අන්තිමට වෙන්නේ මහින්දසර්ට අසනීප වෙනවා බැසිල් මහත්තයා තරහ වෙලා යනවා. එතකොට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නෑ ඔක්කොම එකතුවෙලා රනිල්ට උදව් කරනවා. දැන් කරන්නේ විලිලැජ්ජාව වහගන්න කරන වැඩක්.
එකට හරි වෙන වෙනම හරි එන්න .හැබැයි ජනතාව දන්නවා මෙදාපාර කාටද චන්දය දෙන්න ඕනේ කියලා
ඩෙන්ටල් දැම්මා. වේදනීය කර්මය පලදුන්නා වගෙයි පේන්නේ
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ මුහුණු දකින එකත් අපිට හරිම පිළිකුල්...
ඡන්දෙට කළින් දවසේ පොහොට්ටුවේ සහාය රනිල්ට දෙනවා, කැට තියලා කියන්නේ...