
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්තත් තමාත් තමාගේ පියා ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද සිටින්නේද ජනාධිපතිවරයා සමග බව ඔහු සඳහන් කළේය.
මේ රට ගිනි කන්දක තිබියදී කිසිවෙකු ඉදිරිපත් නොවුණු පසුබිමක කිසිදු පැකිලීමකින් තොරව රට භාරගෙන ආර්ථික අර්බුදය පාලනය කිරීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තමාත් පියාත් තීරණය කළේ කාලයකට පෙර සිට බවද තෙන්නකෝන් මහතා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ ගත් තීරණය මහපොළොවේ යථාර්ථය තේරුම් නොගෙන ගත් ප්‍රබුද්ධ නොවන තීරණයක් බව ප්‍රකාශ කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ අනුවණ තීරණයේ ප්‍රතිඵල වැඩි කල් නොගොස් රටට දැක ගත හැකි වනු ඇතැයිද සඳහන් කළේය.
ආර්ථික අර්බුදය සමග මේ රටේ ඇතිවූ දුක් ගින්න පාලනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී උපරිම සහයෝගය ලබා දීමට තමාත් තම පියාත් මාතලේ ජනතාව ගෙන් ගෙට ගොස් සංවිධාන කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
COMMENTS
ගොඩක් හොඳ තීරණයක්... !
මාතලේ ජනතාව සලකාවි ගොඩ පෙරකදෝරුවාට.... අප්පා 1993 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්නවා මාතලේට කරපු මගුලක් නෑ. දැන්වත් මාතලේ ජනතාවට මොලේ පෑදේවා...!
රනිල් සමගද, මහින්ද සමගද හිරේට යන්න ඕනෑ කියලා උසාවිය තීරණය කරයි...
මාතලේ ජනතාව සලකාවි ගොඩ පෙරකදොරුවාට. අප්පා 1993 ඉඳන් පර්ලිමෙන්තුවේ ඉන්නවා මාතලෙට කරපු මගුලක් නෑ. දැන්වත් මාතලේ ජනතාවට මොලේ පෑදේවා..!
වාසි පැත්තට හෝයියා, කැණහිලුන්ගෙ ගතිය තමයි ඒ. හැබැයි වාසි පැත්තෙ ඉන්නෙනෙත් අවාසි පැත්තෙ ඉන්නෙත් කල් යල් බලන කැණහිලුන්ම තමයි. දේශපාලුවෝ කියනෙත් ඔය කැණහිලුන්ටම තමයි.
තමන් ගෙන් ගෙට ගියාට. ඡන්දය දෙන්නෙ රටෙ ජනතාවනෙ.
ඔබලා නෙවෙයි... අපේ ඡන්ද දායකයා.. ඔබතුමා කොහේ ගියත් අපිට කමක් නැත... අපිට ඕනෙ කෙනාට අපි දෙන්නේ...
වාසි පැත්තට යන කට්ටිය .ජනතාව තීරණ කරයි කොයි පැත්තටද කියලා