(ලලිත් නවරත්න)
අපේ රටේ ගොවි ජනතාවට, ධීවරයන්ට, ව්‍යාපාරකයන්ට විවිධ ව්‍යවසායකයන්ට, නිෂ්පාදකයන්ට දියයුතු සහනාධාරය කොල්ල කාලා සාමාන්‍ය ජනතාවට බදුපිට බදු ගහලා ඒ මුදල් කොල්ල කාලා පවුල් පරම්පරා පිටින් සුරසැප විදිමින් රට අන්තිම විනාශ මුඛයට ඇදල දමපු ලෝකයේ පාලකයෝ සිටින රටක් වේනම් ඒ රට ශ්‍රී ලංකාව බව ජාතික ජන බල වේගයේ නායක සහ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අපේ රටට 1948 නිදහස ලැබෙද්දි ආහාර මුදල් අතිරික්තයක් තිබුනේ මහා බ්‍රිතාන්‍යයත් අපිත් ඒක්ක ගනුදෙනු කරලා තිබුනා. ඒදා මෙදා තුර අපේ රට මාරුවෙන් මාරුවට අවුරුදු 76 පාලනය කළ මේ දෙපක්ෂය අපට අද වෙනකොට උරුම කරලා දීලා තියෙන්නේ ආරථික, සාමාජික, දේශපාලනික වශයෙන් අන්තිම අගාධයට ඇදලදාලා විනාශ කරපු රටක්.
දරුවකුට නියම අධ්‍යාපනයක් නෑ. ව්‍යාපාරියකුට ආයෝජකයකුට ආයෝජනය කරන්න රට තුල වැඩපිළිවළක් නෑ. තරුණ තරුණියන්ට අනාගතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නෑ. ගොවීන් තමන්ගේ වගාවන් කරගන්න බැරුව පිරි වැය දරාගන්න බැරුව යම් අවස්ථාවක වහ බොනවා. උගතුන්ට රැකියා නෑ රැකියා ඉල්ලා පාරට බැහැපුවාම බැටන් පොලු පහරින් කදුලු ගෑස් වලින් සලකනවා .
මේ පිරිස අපිනම් කිසිම වරදක් කරලා නෑ. කියලා පිල්මාරු කරමින් ළිංමැඩියෝ වගේ ඒහාට මෙහාට පනිමින් ජනතාවට තමන්ගේ හෙලුව වහන්න උත්සාහ කරනවා. ඒ් ඉස්සර මෙවර ජනතාව රවටන්න බෑ. මෙච්චර විනාශයකට රට ඇදලා දමාපු පිරිස් අලුත් මුහුණු වරකින් නැවත රට පාලනය බලය ඉල්ලනවා. මේ අය රෙදි ඇදන්ද මේ බලය නැවත වරක් ඉල්ලන්නේ.
ඔය දෙපිරිසේ බොහෝ අය අවස්ථා ගනනාවකදී අපේ පැත්තට ඒන්න සිග්නල් දැම්මා. රට විනාශයට පත් කරන්න දායක වුණ කිසිම පුද්ගලයෙක් අපේ කඳවුරට ගන්නේ නෑ. අපිත් ඒක්ක ඒකතුවිය යුත්තේ හොරා නොකන කොමිස් නොගසන රටට ජනතාවට ආදරය කරන පුද්ගලයින්ට පමණයි.
ලබන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවේ හලාවත නගර මධ්‍යයේ රැස්වීමේදී ජනතාව අමතමින් අනුර කුමාර දිසානායක මහතා ඒසේ පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘නිෂ්පාදකයන්ගේ සහාන කපා ජනතාවට බදු පිට බදු ගහලා‘‘
විජිත් Monday, 29 July 2024 06:25 PM
මාලිමාව ,ජනතාවගේ එකම අනාගත ප්‍රාර්ථනාව.ජාතිකජනබලවේගයට ජයවේවා !!!
Nimal Tuesday, 30 July 2024 11:22 AM
ජය වේවා