දඬුවම ගැන නීතිපති මතය මැතිසබයට යම් මන්ත්‍රීවරයකු එකිනෙකට වෙනස් වැරදි දෙකක් හෝ වැඩි ගණනකට වැරදිකරු වුවහොත් ඒ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස තුනක උපරිම කාලයකට අත්හිටුවිය හැකි බව නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2024
ලක් ගුවන් යානා වලට නරීටා ගුවන් තොටේ යාළුවෙක් ලැබෙයි ජපානයේ ටෝකියෝ නරීටා ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීම පිණිස වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 09 January 2024
‘INS KABRA’ කොළඹ වරායට ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු විය. 09 January 2024
‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිවිල් සංවිධාන සහ සමාජ ක්රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (9) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 09 January 2024
බදුල්ල කොළඹ මාර්ගය අදත් වැසේ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී අද (9) පස්වරුවේ විශාල පස්කන්දක් සමඟ විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල බණ්ඩාරවෙල අතර රථ වාහන ධාවනය ඇණ හිට ඇතැයි හාලිඇල පොලිසිය පවසයි . 09 January 2024
චමින්දගේ තැනට ප්‍රියන්කර? පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඊළඟට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා පත්වනු ඇත. 09 January 2024
ලංකාව නැව් වලින් ගන්න තියෙන ආදායම නොගන්නේ ඇයි? ලංකාව හරහා යන නැව් වලට සිතියම් සපයා ලංකාවට ඩොලර් මිලියන සීයක මුදලක් උපයා ගන්නට හැකියාව තිබුණත් දැනට ඒ ආදායම උපයා ගැනීමක් කෙරෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 January 2024
මරදාන කැලිකට් වේ මේ දිනවල මරදාන දුම්රිය ස්ථානයේ අරබි ටෙලි වෘතාත්තයක් රූගත කෙරේ. 1940 වර්ෂයේ කේරලයේ කැලිකට් දුම්රියපොළ තුළ වූ සිද්ධියක පාදක කොට ඇති සිද්ධියක් පාදක කර මෙම ටෙලි වෘතාන්තය තිරගත කෙරේ. 09 January 2024
හිටපු එස් අයි රිය අනතුරින් මරුට:හතරක් රෝහලට මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති අතර තවත් සිව් දෙනෙකු අද (09) බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි. 09 January 2024
ශ්‍රී ලන්කන් ‘වෙබ් ද්වාරය’ ඉන්දියාවට විවෘත කරයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරක නියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යංශම සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි. 09 January 2024
අල්ලසක් ගත් බව කියන කළමනාකරණ සහකාර 19 තෙක් රිමාන්ඩ් රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය . 09 January 2024
දඩි බිඩි ගගා පනත් ගෙන ඒම සැකයි දඩිබිඩි තාලයෙන් කලබලයකින් පාර්ලිමේන්තුවට අණ පනත් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය සහ සත්භාවය ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 January 2024
අබිං ගැන නියෝග පාර්ලිමේන්තුවට විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග(නඩු භාණ්ඩ බැහැර කිරීම) පිළිබඳ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
කසකස්ථානයටත් ලක් තානාපති කාර්යාලයක් කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
තිදරු පියාගේ සිරුර ගල්වලකින් මතුවෙයි වවුනියාව, සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේ අතහැරදමා තිබූ ගල්වළක තිබී මියගිය තිදරු පියෙකුගේ මළසිරුරක් සොයාගත් බව සෙට්ටියාර්කුලම පොලිසිය පවසයි. 09 January 2024
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුත් වෙයි මාර්ග කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග, අතුරු මාර්ග,ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කරයි ගිරාදුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අඩි තුන හමාර බැගින් විවෘත කර ඇති බව උල් හිටිය ජලාශභාර ස්ථාන භාර නිලධාරී ඉංජිනේරු දීප්ත චන්දන ජයසේකර මහතා පැවසීය. 09 January 2024
වසා දැමූ විදෙස් දූත කාර්යාල නැවත අරී විදේශයන් හි දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
හදිසි වැටලීමක් යැයි පවසා මංකොල්ල කාලා හදිසි වැටලීමක් සිදු කරන පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදී, අනුරාධපුර වන්දනාවේ පැමිණි යුවලක් බිය ගන්වා එම යුවල පැමිණි මෝටර් රථය පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ රුපියල් 41000ක මුදලක් කොල්ලකා පලා ගිය තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 09 January 2024
මහා විහාර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
මුදල් කොමිසමේ නිර්දේශ තුනකට කැබිනට් අනුමැතිය 2024 වර්ෂයට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
රටට ඩොලර් ගේන සැලසුම් තුනක් හදයි බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම, නැගෙනිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සැකසීමේ කටයුතු මෙම වසරේදී අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 09 January 2024
‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 09 January 2024
චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 09 January 2024
රන් හොයන්න ගිය දොස්තර ඇතුළු තිදෙනකු මාට්ටු බලපත්‍ර නොමැතිව රැගෙනයමින් තිබූ විදෙස් රටක නිෂ්පාදිත භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වෙෙද්‍යවරයකු අැතුළු තිදෙනකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 09 January 2024
මිලියන 80 ක අබින්-ගජා පේදුරුතුඩවෙන් හමුවෙයි යාපනය පේදුරුතුඩුව,වල්ලිපුරම් වෙරලේ සඟවා තිබූ රුපියල් මිලියන 80ක් පමණ වටිනාකමින් යුත් අබින් කිලෝ 48 ක් හා කේරළ ගංජා කිලෝ 112 ක් සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 09 January 2024
මාලදිවයින් ජනාධිපති චීනයේ නිල සංචාරයක මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු සහ ජනාධිපති ආර්යා සජීදා මොහොමද් පස් දින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටිති. 09 January 2024
නාසා හඳට යැවූ යානයට ඇබැද්දියක් ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය. 09 January 2024
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ ටලෝඞ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. 09 January 2024
දළු බිලට වැට් නෑ කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලෙන් වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026