නිර්වින්දන වෛද්‍යවරිය පැදුරටත් නොකියා රට ගිහින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ බලන නිර්වින්දන විශේෂඥ නිලධාරිනිය නොදන්වා රටින් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 14 March 2024
හොර වෙදා රෝගී කතගේ රන් බඩුවලට ඇරලා නිකවැරැටිය රෝහලේ වකුගඩු සායනයට ස්කෑන් පරීක්ෂණයකට ආ 62 හැවිරිදි කාන්තවක රවටා ඇය පළඳ සිටි රන් ආභරණ එම රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි නාඳුනන පුද්ගලයකු වංචාවෙන් ලබාගෙන පළා ගොස් ඇතැයි නිකවැරැටිය පොලිසිය කියයි. 14 March 2024
කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු පිරිස නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් අද නියෝග කළේය. 14 March 2024
වී ගබඩා 12ක් හෙට සිට සීරුවෙන් වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී ගබඩා 12ක් හෙට (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 14 March 2024
ලංකා බැංකු මුල් පුටුව කාවන් රත්නායකට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කෙරිණි. 14 March 2024
රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවැත්විණි 14 March 2024
දුර්වල ආණ්ඩුකරණය ආර්ථිකයටත් බලපාලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරය පෙන්වා දෙයි. 14 March 2024
පළාත් පාලන මැතිවරණය වළදමා වසරක් පිරුණා වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සි බවත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටිය හොත් ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය. 14 March 2024
එක්ප්‍රස් පර්ල් ගැන වාර්තාවක් අධිකරණයට එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා නැව ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනය දැනුවත් කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 14 March 2024
කැනඩා ඝාතනයේ සැකකරුගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවයි කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට අත් අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සිල්වාගේ යූ ටියුබ් ගිණුම අත්හිටුවීමට පියවර ගත් බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පැවැසුවේය. 14 March 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
ජල සැපයුම ක්‍රම 6ක මුර ක්‍රමයකට වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 6ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි. 14 March 2024
අයි.එම්.එෆ් - ජාතික ජන බලවේගය අතර හමුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි. 14 March 2024
’රුහුණු කුමාරි’ ’ගාලු කුමාරි’ වෙයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය, ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
කෑම විස වී සිසුන් 9ක් රෝහලේ පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් ආහාර ආසාද්මිකතාවකින් අද (14) පස්සර දිසා රෝහලට ඇතුළත් කළ බව නමුණුකුල පොලිසිය පවසයි. 14 March 2024
තාත්තා දුව සහ පුතාගේ ගෙල කපා මරලා කල්මුණේ මරදමුණේ පෙරියනීලවනියේ පියකු තම 29 හැවිරිදි පුතාගේ සහ 15 හැවිරිදි දැරියගේ බෙල්ලා කපා මරා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 14 March 2024
හම්බන්තොට මෙගාවොට් 150ක සූර්ය බලශක්ති උද්‍යානයක් හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක්හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අස්සන් තැබීය. . 14 March 2024
පාසල් සිසුන්ට මත්පෙති විකුණූ දෙකක් දැලේ පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කරමින් සිටි මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මත්පෙති 14,000 ක් සමග මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 14 March 2024
ක්ෂය රෝගීන් වැඩි වෙලා මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි. 14 March 2024
කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 - 20 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 14 March 2024
බලන්ගොඩ පිරවුම්හලක ඩීසල්වලට වතුර කලවම් වෙලා බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති අයි.ඔි .සි. ඉන්ධන පිරවුමිහලක ඩිිසල් වලට වතුර මිශ්‍ර වි ඇති බවට අයි.ඔි.සි.සමාගමේ නිළධාරිහු විසින් සිදු කළ ඉන්ධන පරික්ෂාවකදි අනාවරණය වී තිබේ. 14 March 2024
පරිසර උද්‍යාන රකින්න අලුත් පනතක් මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුලටගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 March 2024
පරාටේ ගැසට්ටුව එළියට ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත 14 March 2024
කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපනියි කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය. 14 March 2024
යකඩ පෙනහලු මිනිසා මියයයි තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. 14 March 2024
පක්ෂ නායකයෝ අද රැස්වෙති කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද දහවල් පැවැත්වීමට නියමිතය. 14 March 2024
කොරියා නායකයා යුද ටැංකියක් පදවයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. 14 March 2024
ලහිරු තිරිමාන්න අනුරාධපුරේදී රිය අනතුරක අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න මහතා ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි. 14 March 2024
ආනයනික ආහාර ද්‍රව්‍ය තුනත තොග මිල පහළට ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . 14 March 2024
වාහන ගෙන්වන කාලය ගැන ජනපති කියයි වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026