විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් ’’ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය. 09 January 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 January 2024
විපක්ෂය කළු ඇඳුමෙන් මැතිසබයට ජනතාවට අධික ලෙස බදු බර පටවා ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී මැතිසබයට අද උදේ පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය. 09 January 2024
විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කුඹුරේ හිමිකරු වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2024
ශාඛා කළමනාකරු රිය අනතුරින් මරුට පානදුර පෞද්ගලික ආයතනයක ශාඛා කළමනාකරුවෙකු ගමන්ගත් යතුරුපැදියක් පළතුරු ප්‍රවාහන කළ ලොරියකට යටවී සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 09 January 2024
මැණික් සමඟ චීන කත ගුවන්තොටෙන් අල්ලයි මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් ද සනාථ කළේය . 09 January 2024
ඔක්තෝම්බරයේ ජනපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයි මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 January 2024
විදුලි සැරෙන් තරුණයා අවසන් ගමන් යයි කිලිනොච්චිය රාමනාදපුරම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාමනාදපුරම් පොලිසිය සදහන් කරයි . 09 January 2024
එක්දරු මව අට වැනි මහලෙන් වැටී මරුට වැල්ලවත් ප්‍රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ව පොලිසිය පවසයි. 09 January 2024
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසි වැඩ වර්ජනයක ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පැවසීය. 09 January 2024
පාතාලයකු ලෙස රඟපා කප්පම් ගත් 70 හැවිරිදි පුද්ගලයකු අල්ලයි හීනටියේ පාතාලයකුගේ නමින් පෙනී සිටිමින් ලක්ෂ පහළොවක කප්පම් ඉල්ලා ඉන් ලක්ෂ 5 ක මුදලක් ගත් බව කියන පුද්ගලයයෙක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් මිනුවන්ගොඩ මා බෝදල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 09 January 2024
අද සිට වැස්ස වැඩි වේ උතුරු නැගෙනහිර,ඌව,මධ්‍යම සහ දකුණු පළාත්වලට වැස්ස වැඩි වීමක් අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 January 2024
අලුත් වාහන සිහිනය බොඳ වේ වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 January 2024
හොරෙන් සල්ලි අච්චු ගැසූ තරුණයෝ දෙකක් මාට්ටු ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 09 January 2024
අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රී රෝද රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 09 January 2024
කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 09 January 2024
බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක් බදුල්ල දිස්ත්‍රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවීරවීමේ හැකියාව ඇති බැවින් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂක දූ දරුවන් විභාගය ආරම්භ වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී තම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සිටීම වඩාත් සුදුසු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 09 January 2024
රාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටම රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය. 08 January 2024
වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක් වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 08 January 2024
නාසා සඳට රොබෝ යානයක් යවයි ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි. 08 January 2024
විපක්ෂයේ පාලම හදන්න බැරිව ඩලස් කණස්සල්ලෙන් නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. 08 January 2024
හිස්බුල්ලා නායකයෙක් මරුට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී වසීම් අල් තවීල් ය. 08 January 2024
හිටපු ක්‍රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කළේය. 08 January 2024
විදුලි ගාස්තු අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට ලැබී නෑ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා අද (8) පැවසීය. 08 January 2024
‘රෝද පුටුවටත් වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’ වැට් බද්දට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (8) පස්වරුවේ නිහඩ විරෝධතාවක් පැවැත්වීය. 08 January 2024
බදු නොගෙවෙන ලක්ෂ පහක් දැලට හසු කර ගන්නවා ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 08 January 2024
විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය (සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත. 08 January 2024
ජනපතිගෙන් ශෙයික් හසීනාට සුබ පැතුම් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina)පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. 08 January 2024
සහල් හිඟය පෙබරවාරියේ අවසන් රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (8) ‘ලංකාදීප’යට පැවසීය. 08 January 2024
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 08 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026