ලහිරු තිරිමාන්න අනුරාධපුරේදී රිය අනතුරක අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටිමෙන් තිරිමාන්න මහතා ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බව තිරප්පනය පොලිසිය කියයි. 14 March 2024
ආනයනික ආහාර ද්‍රව්‍ය තුනත තොග මිල පහළට ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති . 14 March 2024
වාහන ගෙන්වන කාලය ගැන ජනපති කියයි වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 March 2024
ශ්‍රී ලංකා - ඉන්දියා බලශක්ති කාර්ය කමිටුව රැස්වෙයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය තුළ සහයෝගීතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවූ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඒකාබද්ධ කාර්ය කණ්ඩායමේ පළමු හමුව කොළඹදී පැවැත්විණි. 14 March 2024
සුපිරි ධීවර යාත්‍රාවක් හඳුන්වා දෙයි නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. 14 March 2024
පොන්නදූවේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් මෙරට ප්‍රබල මත් කුඩු ජාවාරම්කරුවකු මෙන පාතාල නායකයකු වන අම්බලන්ගොඩ සමන්කොල්ලා නමැත්තාගේ අම්බලන්ගොඩ පොන්නදූව නිවසට අද(14) අලුයම් කාලයේදී වෙඩි තබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 14 March 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. 14 March 2024
තොරතුරු තාක්ෂණය විෂයේ සංශෝධනයක් පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. 13 March 2024
රාජ්‍ය ඇමැතිවරියකගෙන් රූපවාහිනියට පොල්ලක් පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. 13 March 2024
හොකී කණ්ඩායම තෝරන්න හොරට අත්සන් කර වැඩ වරද්දා ගනී එංගලන්තයේ නොටින්හෙම් ප්‍රාන්තයේ පැවැති 2022 ප්රවීණයන්ගේ ලෝක කුසලාන හොකී තරගාවලිය සඳහා ක්‍රීඩකාවන් තෝරා පත්කර යැවීමේදී ශ්‍රී ලංකා හොකී සංගමයේ තේරීම් කමටු සාමාජිකාවගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වංචා විමර්ශන කාර්යාංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට කරුණු දක්වමින් අද (13) පැවසීය. 13 March 2024
හිරු රශ්මියෙන් පාසල් දරුවන් රැකගන්න උපදෙස් අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයිපටි සහ බඳ පටි ලිහිල් කර පලඳින ලෙස දරුවන්ට උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේය 13 March 2024
මහ බැංකුවේ තටු කපන්න යයි ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට අද(13) බාර දුන්නේය. 13 March 2024
උසාවි නියෝගයෙන් අවසන් කටයුතු නවතී බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක් අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියෝග කළේය. 13 March 2024
අයි.එම්.එෆ්. ප්‍රධානියාගේ ඇසත් විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී පැවැත්විණි. 13 March 2024
ශ්‍රී ලංකා පිල ලකුණු 255 කට සීමාවෙයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී ලකුණු 255 කට සීමාවිය. 13 March 2024
කොටුවේ හිටපු රෙජිස්ට්‍රාර්වරියට එරෙහි නඩුව වෙනත් උසාවියකට මාරු කරන්නැයි ඉල්ලයි කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ඇප මත මුදා හැර සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරිය වන රංජනී සිරියලතාට එරෙහිව ඇති නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කළේය. 13 March 2024
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මෝදරින් අල්ලයි රුපියල් කෝටි තුනකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා මැෂිමක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 13 March 2024
මහා බැංකු වැටුප ගැන නීතිපතියෙන් දැනුම්දීමක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සියයට 70 කින් වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 13 March 2024
මාතරට ගංජා ඇද්ද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා දැලේ යුද හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර ප්‍රදේශයට පැමිණ ගංජා විකිණූ බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි. 13 March 2024
අවුරුදු සමයට හිඟයකින් තොරව කුකුළු මස් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 13 March 2024
‘අහිංසක ජනතාව ගොදුර බවට පත්වෙලා‘ ආර්ථික අර්බුදය ඇති කළ පුද්ගලයන් සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්ව ඇති බවත් ආණ්ඩුව ණය බර මේ වන විට ජනතාවට බාරදී ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය. 13 March 2024
කඹ ඇදිල්ලෙන් වරාය නගරයේ සාප්පු ව්‍යාපෘතිය කොට උඩ නීතිපති දෙපාර්තමේන්තුව සහ වරාය නගර කොමිෂන් සභාව අතර පවතින කඹ ඇදීමක් හේතුවෙන් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අදාලව නීති සකස් කිරීමට බාධා මතුව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 13 March 2024
ඕස්ට්‍රේලියාවේදී ලාංකික සම්භවයක් සහිත යුවලක් මරුට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වයෝවෘද්ධ යුවලක් ඕස්ට්‍රේලියාවේ වොරන්ඩයිට් නගරයේ මිලියනර්ස් රෝ වීදියේ ඔවුන්ගේ නිවස අසාන්නයේදී මිය ගොස් සිටියදී ඊයේ (12) ඕස්ට්‍රේලියානු පොලිසිය සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය. 13 March 2024
සිවිල් ගුවන් සේවායට නව අධ්යක්ෂවරයෙක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම අමාත්‍යාංශයේ දී අද (13) පත් කර තිබේ . 13 March 2024
අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය 13 March 2024
පෙර අය කළ වරද මං කරන්නේ නෑ රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාවට දැඩි පීඩා විඳින්නට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 March 2024
කැනඩා මහකොමසාරිස් - අනුර කුමාර අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඹහතාව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී අද (13) පෙරවරුවේ හමුවිය. 13 March 2024
‘කුඩු ෂිවා’ට එරෙහි නඩුවට දින දෙයි කුඩු තොගයක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු ෂිවා’ නමැත්තාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (13) තීරණය කළේය. 13 March 2024
පොලිසියේ 20ක් ඉන්දියාවට සයිබර් අපරාධ විමර්ශන සහ කෘත්‍රිම බුද්ධි පාඨමාලාවක් සදහා පොලිස් මූලස්ථානයේ 20 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ඉකුත් දා ඉන්දියාවේ හයිද්‍රාබද් නුවර බලා පිටත් වූහ. 13 March 2024
ගැහැණු - පිරිමි පනතකින්ම සමාන කරන්න යයි ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 13 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026