කෙහෙළියගේ නිවස අසල මල්වඩම් තැබූ වෘත්තිය ලොක්කාට ඇප හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි 01වෙනි දින මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය රුපියල් 25000ක පුද්ගලික ශරීරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නියෝග කළේය. 05 February 2024
තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. 05 February 2024
රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2024
සනත් නිශාන්තගේ රියදුරුට ඇප සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වන ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (5)නියෝග කළේය. 05 February 2024
අනුර කුමාර ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි ඉන්දියාවේ නිල සංචාරයක සහභාගි වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පෙරවරුවේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය. 05 February 2024
ලොකු පොලී පෙන්නා සල්ලි ගැරූ බස්නායක නිලමේ-නිලිය යළි රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන වීරසේකර මුදියන්සේලාගේ තරිඳු ඉරෝස් වීරසේකර නමැති උපාධිධාරී හිටපු බස්නායක නිලමේවරයා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් එන්. ගුණසේකර මහතා නියෝග කළේය. 05 February 2024
ලෝක බෞද්ධ සම්මේලනය එජාප ජනපති අපේක්ෂකට සහය දෙයි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා හමුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 05 February 2024
ත්‍රිකුණාමලය - කොටුව දුම්රිය පැය 4ක් ප්‍රමාද කරයි කැකිරාව - ගනේවල්පොල මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර 118 සැතපුම් කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම නිසා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය. 05 February 2024
ඉස්කෝල 3000ක් ඩිජිටල් කෙරේ අපොස උසස් පෙළ සහිත පාසල් 3000ක් ජුනි මාසය වනවිට ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය 05 February 2024
අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි 3431ක් අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් පසුගිය වසරේදී ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ. 05 February 2024
කඩුලු 10කින් ශ්‍රී ලංකාවට ජය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 05 February 2024
රැඳවියන්ට වැඩි සැළකිලි දෙන්නේ යැයි වැලිකඩ වෛද්‍යවරියකට චෝදනා වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්රියාකළාපය හේතුවෙන් ප්රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 05 February 2024
මැතිසබේ උත්සවයට පෙළපාළි වෙඩිමුර නෑ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඉතා අඩු වියදමින් මෙන්ම සරල සහ චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 05 February 2024
රිජ්වේ රෝහල් කාර්ය මණ්ඩලයත් එළියට බසී සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත්වූහ. 05 February 2024
නැවත පොදු විපක්ෂයක් ගැන කථාවක් කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය. 05 February 2024
ජනාධිපතිවරණයට අපේක්ෂයකන් බුරුත්තක් ආවොත් රට කපෝති ජනාධිපතිවරයෙක් පත්කිරීමට අපේක්ෂකයන් 10 ක් ඉදිරිපත් කර ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් රට මුහුණදී ඇති අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි බවත් එසේ වුවහොත් නිදහස ජනතා සන්ධානය ප්‍රතික්ෂේප කරන දේශපාලන සහ අර්ථික වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා අද (5) පැවසීය. 05 February 2024
මුදල් වංචා කළ ආයතන 12 ක් ගැන විමර්ශනයක් මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 05 February 2024
ගසක් වැටී දරුවෙක් මරුට:දෙකකට තුවාල ගම්පොළ ජාත්‍යාන්තර පාසලක පෙර පාසල් දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී විශාල ගසක් කඩාවැටීමෙන් පෙරපාසල් සිසුවෙකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 05 February 2024
භාණ්ඩ 6ක මිල නැවත නිවේදනය කරයි පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 February 2024
හෙලිකොප්ටරය කැඩුණු දා දුන් පොරොන්දුවක් ජනපති ඉටුකරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්රදානය කරන බව ජනාධිපති කාර්යාලය කියයි. 05 February 2024
වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම නැවත අරඹයි වසා දැමූ මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් සහ අදාළ තැන්පතුකරුවන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම හෙට (6) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 February 2024
ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී ලොරි රථය සමගම අද (05) එම පාලම හුලන්දාව ඔයට කඩා වැටී ඇත. 05 February 2024
රනිල්ට වඩා සුදුස්සෙක් ඉන්නවා නම් දෙන්න මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 05 February 2024
‘1990’ සුවසැරිය ගිලන්රථ සේවයේ දැඩි සේවක හිඟයක් සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක් මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ. 05 February 2024
63,000ක් අය කරගන්න ලක්ෂ 3ක් වැයකරලා ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ. 05 February 2024
හිරේ ගියත් කෝටි එකහමාරක් හම්බකර දීලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය. 05 February 2024
ආයුර්වේද සංස්ථාව ලොකු ලාභයක් ලබයි ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. 05 February 2024
අඩු බර පාන් වැටලීම් අරඹයි ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක් චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත. 05 February 2024
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026