
( ෂේන් සෙනෙවිරත්න)
වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි .
තුවාලකරු මූලික ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කොට ඇති අතර එසේ තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි පුද්ගලයකි .
පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
තුවාලකරු සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd