
(ජේ ඒ එල් ජයසිංහ)
ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරිණි.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක , මල්වතු අනූනායක දිඹුල් කුඹුරේ විමලබුද්ධි සහ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි යන හිමිපාණන් වහන්සේලා වෙත මෙහිදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීය.
මනුවර දිස්ත්‍රික් සංවිධායක හා මහනුවර සංවිධායක චන්ද්‍රසිරි විජේනායක,මහචාර්ය තිලක් සුබසිංහ.රසායනික විද්‍යා දේශක සිරිමෙවන් අබේසේකර ,ගයාන් කරුණාසේන , විශ්‍රාමික ගුවන් හමුදා බලලත් නිලධාරි සුසන්ත අතුල කුමාර ( විශ්‍රාමික), යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.

COMMENTS
අන්තිම තුරුම්පුව.
ස්වාමීන් වහන්සේලා ට අතට අත දුන්නද දන්නෙ නෑ. වඳින්න දන්නෙ නෑ. වැඳලා නැති නිසා.
මුන්ගේ හැටි දැක්කහම බය හිතෙනවා
පිටු 233 ක ප්‍රකාශනය අන්තිම මොහොතේ දෙන්නේ..., හාමුදුරුවෝ ඕක කියවලා ඉවර වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙයි කියලා හිතලයි. ඒක පිළිගන්න වන්න ගිහිල්ලා තියෙන්නේත් නායකයෝ නෙමෙයි ලපයි සිපයි ටිකක්...!
හොඳ කණ්ඩායමක් තෝරලා යවන්න තිබුණා නේද?
බුදුදහමට කරන්න පුළුවන් සියලුම අවමන් කරලා අවසානයේ එහි පිහිට පතාගෙන අවාට සමාව ලබුණත් විශ්වාසය කඩවී හමාරයි...!
අන්තිම තුරුම්පුව ගහන්න ආවට දැන් පරක්කු වැඩියි. ධර්මයේ පිහිට ලබන්න එනකොට පන්සිල් පාඩම් කරගෙන බෝගහට, බුදු පිළිමයට වැඳලා එන්න...
මහනායක ස්වාමීන් වහන්සේලා බැහැ... දකින්න යනකොටවත් ශාන්ත විදිහට පිළිවෙළකට ඇඳගෙන ගියානම් වඩාත් හොඳයි නේද?
ජාජබ 2024 ප්‍රතිපත්ති ප්‍රකාශය 2015 ජවිපෙ රට හදන වැඩපිලි වෙලටත් 2019 දේශයේ අපේක්ෂාවටත් කරුණු වශයෙන් වෙනසක් නැත. එහි සදහන් බොහෝ කරුණු 2016 හා 2020 අතර විශේෂයෙන් පුරවැසි පුහුණුව පාසැල් පොත්වල කරුණු වලින් ද දේශපාලන විද්‍යාව ගෘහ අාර්ථික විද්‍යාව ජනසංනිවේදනය කෘෂිකර්මය තාක්ෂණ විෂය වැනි ගුරු පොත්වල අන්තර් ගතයට සා පේක්ෂකව දුප්පත්ය. 332 අවසන් පිටුවෙහි ලාංකීය ජාතිය පරිකල්පනයට ඉඩ හරියි. ඒ හැර 2005 සිට පමණ ලක්රජය සහස්රක වැඩපිළිවෙලවල් යටතේ දැනට ඉටුකර ඇති හා 2030 ට අදාලව 2017 දී සැලසුම්සං කල වර්ධන ඉලක්ක මෙයට වඩා නිවැරදිය. වර්ජන හා කඩාකප්පල් වැඩ ෙනාවී නම් එම සැලසුම් තුල ලංකාව මෙම විනාශයට පත්වන්නේ නැත. බුදුදහම තුල හැදෙන පුරවැසි යෙකුගෙන් තොර සංවර්ධනයක් ලංකාවට නැත. නිවැරදි තීරණය නොගත්තොත් රට අනු රටක් වීමට දොරටු විශාලය.