
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු හමුදා භටයින් සංඛ්‍යාව 180,000 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ සම්පූර්ණ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා වැඩිවනු ඇතැයි පැවැසෙයි.
රුසියානු - යුක්රේන අර්බුදය ආරම්භ වීමෙන් පසු ජනපති පුටින් රුසියානු හමුදා සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට නියෝග කළ තෙවැනි අවස්ථාවද මෙය වේ. නියෝගය එළඹෙන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
පසුගිය මාසයේදී යුක්රේන හමුදා රුසියාවේ දකුණු කර්ස්ක් කලාපයේ දේශසීමාව ආක්‍රමණය කිරීම පුටින්ගේ මෙම තීරණය හේතුවී ඇතැයි පැවැසෙයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව විදේශීය හමුදාව රුසියානු භූමිය ආක්‍රමණය කළ පළමු අවස්ථාවද මෙය වේ.
යුක්රේන හමුදාව කර්ස්ක් ප්‍රදේශයෙන් පළවා හැරීම මෙහෙයුම් දැඩි කිරීමට රුසියානු හමුදා පසුගිය සතියේදී කටයුතු කළේය. 2022 වසරේ සිට මේ දක්වා කාලය තුළ රුසියානු හමුදාවේ සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට ජනපති පුටින් දෙවතාවක් නියෝග කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd