
(අංජුල මහික වීරරත්න)
මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි.
මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

COMMENTS
එකලස් කරන්නේ වොක්ස්වැගන්ද?
අලුතෙන් පත්වෙන ජනාධිපතිට පිළිගන්න පුළුවන් ඒ බස් එක...
JVP පිරිසට කිසිදෙයක් මේ රජයෙන් නම් බලාපොරොත්තු වෙන්න බෑ.
මේකේ හදන්නේ වොක්ස්වැගන් නැත්නම් BMW ද ?ඔබ ඊළඟ වටයට සුදුසුකම් ලබනවා
බටයත් පස්සෙන්ම යනව නේද?
රනිල්ට අර බොන්න දීල තියෙන්නේ රා වීදුරුවක් ද ?
මොනම සන්නාමය වුනත් රටට අවශ්‍ය ආකාරයේ වාහන එකලස් කිරීම වැදගත්. ඒ එක්කම දේශීය අගය එකතු කරන ප්‍රතිශතය ඉතාම වැදගත්.අඩුම තරමේ 30% වැඩිය....
මේ මිනිහා වැටිච්ච තැනක් දැන් නම් වැසිකිලියක් හදන්නත් බයයි මෙයා ඇවිත් විවෘත කරයි කියලා.... තව ඡන්ද ගුණ්ඩුවක් විතරයි....
දකුණු ආසියාවට අයත්වෙන්නේ ලංකාව විතරද?