ත්‍රිරෝද රථ එකිනෙක ගැටී අයෙක් මරුට:7 ක් රෝහලට පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලීසියේ රථවාහන අංශය කියයි. 05 February 2024
හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක් යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත. 05 February 2024
කෘෂි ව්‍යාපෘතියක ’’රොත්තම’’ ගෙදර යවයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය. 05 February 2024
රිය අනතුරින් මව මරුට-දැරිය ,පියා රෝහලට එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 05 February 2024
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි. 05 February 2024
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය. 05 February 2024
රනිල් එක්ක පොහොට්ටුව එක්ක ගනුදෙනුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. 05 February 2024
මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ දිවි බේරා ගැනෙති පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත. 05 February 2024
මැරුණැයි කී නිළිය යහතින් ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 05 February 2024
වනජීවී නිලධාරියාට අලි ප්‍රහාරයක් කිරින්ද ,දළදාගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු පලවා හැරීමට ගිය නිමලව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරියෙකුට වන අලියා පහරදීමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කිරින්ද පොලිසිය පවසයි . 05 February 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරෙරා ඇතුළු පස්දෙනා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 05 February 2024
තැනින් තැන අදත් වැස්ස නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 February 2024
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය. 05 February 2024
ජා.ජ.බ පිරිසක් ඉන්දියාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ. 04 February 2024
කන්දකාඩුව යළි ඇවිලේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද සවස හයට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනකු සහ හමුදා සෙබළකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 04 February 2024
මර්වින් මීනි පෙට්ටියක් රැගන ඔන් ලයින් විරෝධයක මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ. 04 February 2024
හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ. 04 February 2024
සැකකරුවෙක් අධිකරණ භූමියේදී පැන යයි අත් මාංචු දමා කළුතර අධිකරණ භූමියට රැගෙන ආ සැකකරුවක අධිකරණය තුළට රැගෙන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අනෙක් සැකකරුගේ මුහුණට පහර දී අත්මාංචු ගලවාගෙන පලා ගොස් ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 04 February 2024
නිදහස නෑ කළුතර විරෝධතාවක් නිදහස සැමරුවාට නිදහස නෑ , ජනතා බලය ජනතාව සතුකිරිම උදෙසා සටන් වදින බලවේගය යන මැයෙන් කළුතර මහජන කවුන්සිලයේ ක්‍රියාකාරිහු පිරිසක් කළුතර නගර මධ්‍යයේ විරෝධතාවක් සිදු කළහ. 04 February 2024
ආවා නායකයා කොළඹ ඇවිත් මාට්ටු යාපනය ඇතුළු උතුරු පළාති භිතියට පත් කරමින් විවිධ අපරාධ කරමින් කප්ම් ගැනීම් මනුෂ්‍ය ඝාතන සිදු කළබව කියන ආවා කල්ලි නායක ප්රභාකරන් කොයුසිකන් නොහොත් ප්‍රභා නැමැත්තා ගල්කිස්ස යශෝරාපුර දෙමහල් නිවසක උඩුමහලේ සැඟව සිටියදී අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. 04 February 2024
ඩී. එස්. පිළිරුවට පුෂ්පෝපහාර 76 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි. 04 February 2024
නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 04 February 2024
කතානායකට විශ්වාසභංගයක් ගේනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 February 2024
ඉරණමඩු විරෝධතාවට කදුලුගෑස්:සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට නිදහස් දිනය කළු දිනයක් ලෙසට හදුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උතුරෙ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය 04 February 2024
බාල බෙහෙත් දඩය ලක්ෂයක් ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත 04 February 2024
හිරකරුවෝ කොටසක් නිවාස අඩස්සියට සිවිල් වැරැදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය 04 February 2024
නිදහස් සැමරුමට ලෝක නායකයෝ සුබ පතති ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇතුළු ලෝක නායකයන් සුබ පැතුම් එක් කර තිබේ. 04 February 2024
කොළඹ පාර 3 ක් තාවකාලිකව වහයි කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අප ජලය මුදාහැරෙන නළ පද්ධතියක් එළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමෙන බව පොලිස් මූලස්ථානය පවසයි. 04 February 2024
යුද හමුදාවේ 1450 කට උසස්වීම් 76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලධාරීන් 1239 දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි. 04 February 2024
මත්පැන් බලපත්‍ර ගාස්තු බස්සයි සුරා බදු නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇත. 04 February 2024
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026