
(චාන්දනී දිසානායක)
මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වෑඋඩ හරන්කහගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි රණසිංහගේ චානක ඉරෝෂන් නමැති ව්‍යාපාරිකයෙකි.
ඔහු දීර්ඝ කාලයක් තිස්සේ කොටිකාපොළ ප්‍රදේශයේ පස් කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
ඔහුගේ බැකෝ යන්ත්‍රයකින්ම වැඩ කරමින් සිටියදී ඔහු පස් කපන ගැඹුරැති වළට බැස ඇති බවටත්, ඒ අතරතුර ඉහළ පස් කොටසක් කඩා වැටීමෙන් ඔහු මරණයට පත්වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
විනාඩි හතළිහක පමණ කාලයක් වෙහෙස වී පස් ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බවත්, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.
නොසිතූ අවස්ථාවක පස් කඩා වැටී යටවීමෙන් ඔහු මියගොස් ඇති බව මාවතගම පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
664
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් ව්‍යාපාරිකයා පස් කන්දටම යටවෙලා