පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී රාත්‍රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන් ගමන් කළ පුද්ගලික බස් රථයක් බස් රථ රියදුරා, බස් රථ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 06 February 2024
ඉන්ධන බෙදුම්කරුවෝ තවත් අපහසුතාවකට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කිරීමෙන් පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් ඉන්න ඇනවුම් වැඩි සංඛ්‍යාවක් ගැනීමට නොහැකි වී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. 06 February 2024
ටවුන් ගෙවල් අයිතිය දෙන්න කැබිනට් අනුමැතිය 2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
විදෙස් විනිමය සීමා පියවරෙන් පියවර ලිහිල් කරයි විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 February 2024
සුළු සේවකයා සේවක පාලකවරයාට ආයුධ වලින් පහරදී පලා යයි මහරගම අපේක්ෂා රෝහලට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදුණු එහි සේවකයෙකු සුළු සේවා පාලකවරයාට පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි මහරගම පොලිසිය කියයි. 06 February 2024
කන් නෑසෙන අයට වාහන පදවන්න අවසර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 06 February 2024
මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. 06 February 2024
ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි පල්ලෙවෙල බෝරුක්ගමුව කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්බන්ධයෙන් ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ අද( 6 ) පෙරවරුවේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර අවසානයේ ජනතා් විරෝධතාවය ජයග්‍රහණය කරනු ලැබීය. 06 February 2024
රාමසාන් උත්සවයට විශේෂ වැඩපිළිවෙලක් රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාතංශය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි. 06 February 2024
තවත් සිසුවෙක් ගසක අත්තකට බිලි නොර්වුඩ් මාර්ගයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු නාවලපිටිය රෝහලට ගෙන යාමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 February 2024
සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. 06 February 2024
කලබල කළොත් රිමාන්ඩ් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය 06 February 2024
තල්-කිතුල්-පොල් මදින අයට වෘත්තීය සහතිකයක් තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ. 06 February 2024
තියුණු ආයුධවලින් කපා කොටා ධීවරයා මරලා තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 06 February 2024
චාල්ස් රජුට පිළිකාවක් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 06 February 2024
සමාජ ශාලාවේ වෙඩි තැබීමට එහි සේවිකාවක් අත්අඩංගුවට කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 06 February 2024
කපා කොටා දෙදරු මව මරලා සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . 06 February 2024
‘මිහිජය උයන’ වෙඩි තැබීමේ සිද්ධියට දෙකක් අල්ලයි මිහිජය උයන මාල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අඩංගුවට ගත් බව මිහි ජය සෙවණ පොලිසිය කියයි. 06 February 2024
අද වැස්ස අඩුවන ලකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 February 2024
ජනපති ජනතාවගේ නිදහස නැති කරලා 76 නිදහස සමරණ මේ මොහොතේ් රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 February 2024
රුපියල් කෝටි 960ක් ගොවි ගිණුම්වලට 2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 05 February 2024
බන්ධනාගාර නිලධාරීයා හොරොයින් සමඟ අල්ලයි මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 05 February 2024
සජබ මන්ත්‍රී ගයන්තත් ජනපතිගේ ඔප්පු දෙන වැඩේට යයි ’’උරුමය’’ වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි. 05 February 2024
මිලානෝ නුවරත් නිදහස සමරයි ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් ’හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි. 05 February 2024
කවුරුත් උදව් කළා නම් මීට වඩා රට ඔසවන්න තිබුණා ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 05 February 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විදේශ දඟ පන්දු පුහුණුකරුවෙක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ටේ්රලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වන ක්‍රේග් හොවාඩ් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 05 February 2024
අනුර කුමාර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකත් හමුවෙයි ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය. 05 February 2024
හොර නෝට්ටු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ව්යාජ්ය මුදල් නෝට්ටු මුද්‍රණය කල බව කියන සිව්දරු පියෙකුවන සැකකරුවෙක් රුපියල් පන්දහසේ හොර නෝට්ටු තිහක්, බාගෙට මුද්‍රණය කළ පන්දහසේ නෝට්ටු කොළ දහයක් ඒවා මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් අද (5) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය පැවසීය. 05 February 2024
කෙහෙළියගේ නිවස අසල මල්වඩම් තැබූ වෘත්තිය ලොක්කාට ඇප හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි 01වෙනි දින මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය රුපියල් 25000ක පුද්ගලික ශරීරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නියෝග කළේය. 05 February 2024
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026