ඡන්දෙට ආරක්ෂාව දෙන්න ප්‍රමිතගෙන් නියෝගයක් සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 July 2024
සමන් ශ්‍රී පද්මලාල්ගේ නඩුවකට දින දෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට චෝදනා එල්ල වී තිබෙන පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය මෙම අවස්ථාවේදී විභාගයට ගැනීම යුක්ති සහගත නොවන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) ප්‍රකාශ කළාය. 26 July 2024
මෛත්‍රී රෝද තුනෙන් යයි නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකන් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක් විය 26 July 2024
’’මම වැරැද්දක් කළේ නෑ’’ පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 July 2024
ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වේ. 26 July 2024
දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය. 26 July 2024
මාධ්‍යවේදි කුමාරසිරි සජබට එක් වෙයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබේ. 26 July 2024
’’අධිකරණය නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 July 2024
සරත් කීර්තිරත්න ඇප තියයි එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සරත් කීර්තිරත්න මහතා අද (26) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය. 26 July 2024
පොලිසියට පාට් දැමූ 4 ක් අත්අඩංගුවට අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි. 26 July 2024
කලුතර දකුණ පොලිස් ස්ථානාධිපතිගේ නිල රියේ එන්ජිමට ලුණු දාලා කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ජීප් රථයේ එන්ජිමට ලුණු මිශ්‍රවී ඇතැයි කියන සිධියක් වාර්තා වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 July 2024
පොලිස්පතිවරයකු කනෙන් අල්ලලා එළියට දාන්න බැහැ පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 26 July 2024
හෝමාගම තැබෑරුම් දෙක වසා දමයි හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී පැවසීය. 26 July 2024
නිතී විරෝධි දුම්වැටි සමඟ දෙදෙනෙක් දැලේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබූ රුපියල් හතලිස් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 July 2024
පාන් මිල අඩුවෙයි අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි . 26 July 2024
මොන බාධක ආවත් යුක්තිය මෙහෙයුම් නවත්වන්නේ නෑ කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මැඩලීම සදහා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම් කුමන බාධක පැමිණියත් නවත්වන්නේ නැති බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. 26 July 2024
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත. 26 July 2024
යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැවිරිදි මේරි කුමරිය බිම ඇද වැටුණු නමුත්, ඇයට කිසිදු අනතුරක් සිදුනොවිණි. 26 July 2024
රනිල් ඇප තියයි සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය . 26 July 2024
උඩරට දුම්රිය ධාවනය යථාපරිදි ගසක් කඩා වැටීමෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු අද (26) උදෑසන සිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි 26 July 2024
ජනපතිවරණයට ඇප තියෙන්නේ මෙහෙමයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන ලබන මස 15 දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වෙනිදා දහවල් 12.00 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 26 July 2024
ශ්‍රි.ල.නි.ප. අපේක්ෂකයාට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු මිද්දෙනිය , ගල්පොත්තෙයාය - ජූලම්පිටිය මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයකදී ශ්‍රි.ල.නි.ප. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මිද්දෙනිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනුලැබීය . 26 July 2024
අදත් තැනින් තැන වැසි සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 July 2024
මාර ගස බදුල්ල කොළඹ දුම්රිය ගමනට බාධා කරයි උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (26) උදෑසන විශාල මාර ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 26 July 2024
ජනපතිවරණය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 26 July 2024
එළිමහන් කඳවුරෙන් සිරකරුවෙක් පනී වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විදිමින් සිටි රැදවියකු කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 26 July 2024
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 26 July 2024
පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. 26 July 2024
ජනපති පුටුවට දැනට 12ක් සටනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. 26 July 2024
ප්‍රංශය ශාරුක් රනින් සරසයි ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය. 26 July 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026