
( මහින්ද නිශ්ශංක)
මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිතා කරන දුම්රිය බැකෝ යන්ත්රයක් කැළණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට හා කිරුළපන අතර පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පවතින බව දුම්රිය දෙපාර්තමෙන්තුව පැවසීය.
මෙම දුම්රිය බැකෝ යන්ත්රය පීලි පැන ඇති බවත් ඊයේ(17)වැනි දා පස්වරුවේ සිටම එම දුම්රිය බැකෝ යන්ත්රය පීලි ගත කිරීම් සිදු වන බවද දුම්රිය උසස් නිලධාරියකු පැවසීය.
මේ අතර කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව සදහන් කරන එම නිලධාරියා අද උදේ නුගේගොඩ සිට හෝමාගම සහ කොස්ගම දක්වා දුම්රියක් ධාවනය කෙරුණු බව ද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.