
(බී.ජි. චතුරංග)
සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල් 2000ක මුදලක් බලෙන් ලබා ගත් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඇලයාපත්තුව පොලිසියට අනුයුක්තව සේවය කරන 27 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
ඉකුත් 14වැනිදා රාත්‍රී 11.30 ට පමණ මෙම පොලිස් නිලධාරියා කාන්තාවක නංවා ගෙන යතුරු පැදියකින් සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා, සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන තමන් කාන්තා නිලධාරිනියක සමග පැමිණි බව පවසා වැටලීම නොකර සිටීමට රුපියල් 3000ක මුදලක් ඉල්ලා සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවය සපයමින් සිටි කාන්තාවන් දෙදෙනකු බියට පත් වී රුපියල් 2000ක මුදලක් කොස්තාපල්වරයාට දී ඇති බව පොලිසිය කියයි.
එලෙස මුදල් ලබා ගෙන පිටව ගිය කොස්තාපල්වරයා යළිත් පසුදා රාත්‍රී 8.30ට පමණ තවත් පිරිමියකු සමග පැමිණ නොමිලේ සම්බාහන සේවය ඉල්ලා සිටි අවස්ථාවේදී, ස්පා ආයතනයේ සේවයේ යෙදී සිටින කාන්තාවකගේ සැමියකු සමග බහින්බස් වීමක් ඇති කර ගෙන තිබෙන බව ද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.