ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 April 2024
දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි. 18 April 2024
ජනපති චමරිට කතා කරයි දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කළේය. 18 April 2024
ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි ’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්ට ජාතික ජන බලවේගයේ නායකයෝ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (18) පෙරවරුවේ පිළිගැන්වූහ. 18 April 2024
අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලක් දියණියක් ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ආචාර්ය පියුමි විජේසේකර මහත්මියට අවස්ථාව හිමිව ඇත. 18 April 2024
සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 18 April 2024
කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 18 April 2024
සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. 18 April 2024
අන්තිම නැකතේ- පැලයක් සිටුවේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 18 April 2024
අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය. 18 April 2024
ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 18 April 2024
විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත 18 April 2024
ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න ‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියහ. 18 April 2024
පරිසර හානි දන්වන් දුරකතන අංකයක් පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ. 18 April 2024
කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් හතර දෙනකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කල බැව හොරණ මූලස්ථාන පොලීසිය කියයි. 18 April 2024
නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 18 April 2024
නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 18 April 2024
ඉන්දීය මහ මැතිවරණය හෙට ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. 18 April 2024
සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 18 April 2024
දවසේ කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 April 2024
මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති විය. 18 April 2024
තැනින් තැනට සවස වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ. 18 April 2024
පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත. 18 April 2024
ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 17 April 2024
‘‘එක්වරක් රැවටුණා‘‘ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) පැවසූහ. 17 April 2024
කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය. 17 April 2024
පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි. 17 April 2024
සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට අද (17) ගියේය. 17 April 2024
සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. 17 April 2024
පුද්ගල මාසික වියදම අඩුවෙලා මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025