ආබාධිත වැඩමුළුවක ආරාධිත දේශකවරියට බාධා කරලා ආබාධිතයන්ට සැලකිය යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන වැඩමුළුවක ප්‍රධාන ආරාධිත දේශකවරියක ලෙස සහභාගීවීමට පැමිණි ආබාධිත කාන්තාවකට සෙත්සිරිපාය පරිශ්‍රයේදී එහි නිලධාරීන් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය හෙළා දකියි. 17 April 2024
තැපෑලෙන් පණිවිඩයක් දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. 17 April 2024
ශ්‍රීලනිප ලේකම්ගෙන් මැකෝට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත. 17 April 2024
වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආපනශාලා හිමියා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 17 April 2024
රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 17 April 2024
ලොව ප්‍රථම අගමැතිනිය සමරයි ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද පැවත්විණි. 17 April 2024
විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 17 April 2024
අවුන් සාන් සුකී නිවාස අඩස්සියට මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. 17 April 2024
ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය. 17 April 2024
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කර ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් බවත් එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්රමුඛ කටයුතු කරන බවත් 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකි 17 April 2024
දෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයි දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය. 17 April 2024
සංචාරකයින්ට අද සිට ‘ඊ වීසා’ සංචාරකයින්ට ‘ඊ වීසා’ නිකුත් කිරීම අද (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. 17 April 2024
මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 17 April 2024
අවුරුදු නැකතට පුවක් පැළ ලක්ෂ 15ක් පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 April 2024
බූරු පොලෙන් ලැබුනු හොර සල්ලි අරන් පොලිසි ගිහින් එකම අංකය දරණ ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටු හතරක් පුද්ගලයෙකු රැගෙන විත් පොලිසියට බාර දුන් බව දොඩංගොඩ පොලිසිය කියයි. 17 April 2024
දමිතා - සැමියා යළි රිමාන්ඩ් කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 17 April 2024
කඳුකරයේ වැඩ දහ දාහක් අරඹයි මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 17 April 2024
ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 17 April 2024
ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුව ජූරි සභිකයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විභාග කිරීමට නියමිත අතර එම නඩු විභාගයේ දෙවැනි දවසවූ ඊයේ (16) ජූරි සභිකයන් 7 දෙනෙකු නඩු විභාගය සඳහා තෝරා ගැනීමට අධිකරණය කටයුතු කර ඇත. 17 April 2024
අයිස් ඡාවාරම්කාරියක් හලාවතදී කොටුවෙයි හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කැෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරමේ වු සැකකාරීයක් මුන්දලම පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් විසින් මාස දෙකකට ආසන්න කාලයක සිට රැකවල්ලා සිට අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි. 17 April 2024
වන අලි ප්‍රහාරයෙන් පියා මරුට:දියණිය රෝහලට සිය දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි (62) හැවිරිදි පුද්ගලයකු වූ වනඅලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. 17 April 2024
ගීයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදාහල සුරාබදු නිලධාරියා දැලේ ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව ගායනා කරන’’ සූර්යය මංගල්ලේ’’ ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 17 April 2024
දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 April 2024
එස්.අයි.මස්සිනා විනිසුරුට පහරදීලා දකුණු පළාතේ අධිකරණයක දිසා විනිසුරුවරයකු උප පොලිස් පරීක්ෂක මස්සිනා ගේ නිවෙසට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගිය අවස්ථාවක දෙමස්සිනාලා අතර ඇතිවී යැයි කියන ආරවුලක දී දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පනයට පත්ව රෝගාතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි අක්මීමන පොලිසිය සඳහන් කරයි. 17 April 2024
කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 16 April 2024
අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 16 April 2024
පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහන් කරයි. 16 April 2024
කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් චෝදනා කළේය. 16 April 2024
ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි. 16 April 2024
නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 16 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025