
( ටී.කේ.ජී.කපිල )
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග , අද(24 ) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
25 හැවිරිදි මොහු මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන්නෙකි .
ඔහු අද(24) අලුයම 12.10 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ෙමොහු මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 27 දින , මොහු විසින් නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි ආනයනය කිරීම , සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුත්ම සිස්ටම් එක රේගුව ගතමනාවක් අරන් එළියට යවලා පොලිසියට ටිප් එක දෙනවා අල්ලන්න. නැතිනම් පොලිසිය කොහොමද දන්නේ කාගේ සුට්කේස් එකේද බදු තිබෙන්නේ කියලා? හොඳම වැඩේ රේගුවට කිසිම ගතමනාවක් නොදී එළියට එන එක...