
( ප්‍රසාද් රුක්මල් )
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (24) දහවල් විවෘත කල බව මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .
එසේ මාර්ගය දිවා කාලයේ රථ වාහන ධාවනය සදහා විවෘත කලද තවමත් එම ස්ථානයේ ගල්පර්වත කඩා වැටීමෙ අවධානම පවතින නිසාවෙන් පස්සර බිබිල මාර්ගය 13 කනුව ප්‍රදේශයේදී දිනපතාම මාර්ගය පස්වරු 6.00 සිට පසු දින 6.30 වනතෙක් වසා දමන බවද එම කාර්යාලයේ නිළධාරියකු සදහන් කළේය .
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර බිබිල මාර්ගයේ 13කනුව ප්‍රදේශයේ දී ඉකුත් 11වන දින අලුයම 3.30ටපමන ඒ අසල ඉඉහල කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වත පස්කදු ගස්කොළන් කඩා වැටී පස්සර බිබිල , මොණරාගල රථ වාහන ධාවනය ට බාධා සිදුව තිබින .
මේ නිසාවෙන් පස්සර මොණරාගල, බිබිල බස්රථ පස්සර 13 කනුව ප්‍රදේශය තෙක් ධාවනය වූ අතර ගල්පර්වත කඩා වැටී තිබූ ස්ථානයේ ජනතාව පාගමනින් එතෙරට ගොස් පස්සර, බිබිල මොණරාගල බදුල්ල බස්රථ වලට ලගා වූහ .
මේ සදහා විකල්ප මාර්ග ලෙස පස්සර හිගුරුකඩුව බඩල්කුඹුර මාර්ගය , පස්සර බදුල්ල හරහා මහියංගණ බිබිල මාර්ගය පොලිසිය රථ වාහන රියදුරන් සදහා හදුන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි