
(එම්.සුසිල් පියන්ත)
මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙම නිවස සොරුන් බිද ඇත්තේ තෙවැනි වරට බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පෝරඹ නිවසේ මේ දින කිහිපයේම මහින්ද දේශප්‍රිය මහතා නොසිටි බවත් ඊයේ(23) දහවල් ඔහු නිවසට පැමිණි අවස්ථාවේදී සිය නිවස බිද ඇති බව දැක ඒ බව තමන්ට දැනුම්දුන් බවද පොලීසිය කියයි.
මේ නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුලුවී ඇති සොරුන් නිවසේ තිබූ වර්ණ රූපවාහිනිය ,ගෑස් සිලින්ඩරය ඇතුලු ගෘහ භාණ්ඩ රැසක් සොරකම් කොට ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණය කරයි.
අම්බලන්ගොඩ පොලීසියේ සහ ඇල්පිටිය සොකෝ අංශයේ නිලධාරීන් දේශපිය මහතාගේ නිවස බින්ද සොරුන් අල්ලා ගැනීම සදහා පරීක්ෂණ පටන්ගත් ආකාරයයි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
අමා Sunday, 24 November 2024 10:38 AM
මෙයාට ගෙදර ආරක්ෂා කරනවට වැඩිය කොච්චර වැඩ තියනවාද?
Roshan Sunday, 24 November 2024 10:43 AM
එහෙම හොරකම් කරන්න කොහොම හම්බ කරලා ඇතිද?
UK TRAN Sunday, 24 November 2024 10:47 AM
අයියා මලෝ දෙන්නා එකතුවෙලා රට පාවාදුන්නා. මොකද ඔක්කොම අය ඕක දන්නේ නැද්ද? ඒක නිසා ඕවා එයාලාට ගාණක් නෑ. හොයාගනී ඕවා...
මුදිත් Monday, 25 November 2024 10:10 AM
ගෙදර ආරස්සා කොරගන්න බැරුව කොහොමද දෙයියනේ රට ආරස්සා කොරන හැටි අනුන්ට කියල දෙන්නේ ?