.
(අංජුල මහික වීරරත්න)
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
අනෙක් අය ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගන්නට නම් රනිල්ට පුළුවන් බව සේනාරත්න මහතා කීය.
රනිල් දෙතුන් දෙනෙක්ගේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්වී ඇතැයි රවී කරුණානායක මහතා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා මේ බව කීය.
කොළඹ මල් පාරේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුලත් විටට වටිනාකමක් ඇතිමුත්. හපයාට ඇති වටිනාකම...
ඔව් ඔව්, සීයා රටේ සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපකාරයින් කරගත්තු කාලයක් තිබුණා.
රනිල් බුලත් කොළයක් කිව්වොත් රාජිත බුලත් කෙළ පාරක්වත් නොවටිනා කෙනෙක්. ජනතාව ප්‍රතික්ෂේප කළ යල් පැනගිය කෙනෙක්. අවුට් ඩේටෙඩ්...
ප්‍රා කියන මිනීමරු සංවිධානය හදපු නාකි දත් දොස්තර, යමෙක්ව ප්‍රාණ ඇපකරු වශයෙන් තියාගන්නේ ඒ මනුස්සයාට යම්කිසි "වටිනාකමක්" ඇත්නම් පමණයි. රනිල් කියන බංකොලොත් මිනීමරු නාකි හපුයියාට පයිසෙක වටිනාකමක් තියෙනවද? හැබැයි මහා බැංකුව කොල්ලකාලා ඔහු හොරාගත් සල්ලි වලට ලොකු වටිනාකමක් තියෙනවා, ඒ නිසයි ළඟදීම ඔහු "බලු කුඩුවට" දක්කන්න නියමිතයි.
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට, පැවැත්මට පැනපු හැටි දන්නෝ හොඳාකාරවම දනිති...
වල පය, ගොඩ පය ඉන්න සිලින්ඩර් සීයා ප්‍රාණ ඇපයට ගන්නේ ඔල්මාද කාරයෙක් මිසක් වෙන කවුද?
කව්ද කුණු ගොඩවල් ප්‍රාණ ඇපයට ගන්නේ?
රනිල්ව ප්‍රාණ ඇපකාරයෙක් නෙවෙයි ජාතියේ ගැලවුම්කාරයා බවට හැමෝම පත් කර ගන්නවා. අද මේ රටේ ජනතාව හුස්ම පොදක් ගන්නෙත් මේ ආණ්ඩුව දුවන්නෙත් රනිල්ගේ ජාතිය ගලවාගැනීමේ වැඩපිළිවෙල නිසා තමයි.
ප්‍රාන ඇපයට ගන්න මරු බඩුව .ශෝක්
ඔය මනුස්සයාව ප්‍රාණ ඇපයට අරන් කීයක්වත් ගන්න ලැබෙන්නේ නැහැ.
රනිල්ව ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ සාගල ඇතුළු කීප දෙනෙක් විතරයි.
නන් දොඩවන, යල්පැනපු සහ ඒවග නොදන්නා දේශපාලනයක් කරන මේ මනුස්සයා ප්‍රාණ ඇපයට අරගෙන මොනවා කරන්නද, අනෙක තමුන්ලාට තියෙන ජනවරම පෙනුණා නේද? යන්තම් ආසන පහයි නේද? කාලයක් තොණ්ඩා නම් ප්‍රාණ ඇපයට අරගෙන තිබුනේ...