
(කේ.ආර්. රාජමන්ත්රී)
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි ගොවියෝ සහ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.
උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට එළවළු තොග මිලදී ගැනීම සදහා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙදුන් පැමිණේ.
පැවති වර්ෂා සහිත කාලගුණ තත්වය හේතුවෙන් හා අර්තාපල් වගාව සදහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් අර්තාපල් වගා නොකර එළවළු වර්ග වගා කිරීමට ගොවින් පෙළඹීමත් හේතුවෙන් මෙලෙස එළවළු තොග විශාල වශයෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව වෙලෙදුන් පවසයි.
මේ වන විට කැරට් කිලෝව රුපියල් 50-60 , ගෝවා කිලෝව රුපියල් 35-40 , වම්බටු කිලෝව රුපියල් 45-60 වැනි මිළක පවති. ඇතැම් එළ එළවළු වර්ග විකුණා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති පසුබිමක අර්තාපල් කිලෝවක් රුපියල් 250 -260 මාළුමිරිස් කිලෝව රුපියල් 480-500 අතරමිළක අතරද බෝංචි කිලෝව රුපියල් 300-350 අතර මිළක පවති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සුන් තම පරිභෝජන රටාව කාලානුරූපිව සහ හැකියාව මත වෙනස් කර ගත යුතුය.
තණකොළ කන 69 ලක්ෂයට දැන් කැරට්, ගෝවා වම්බටුත් එක්ක කන්න පුළුවන්...
ඕවා ගණන් යන්නේ ප්‍රවාහන වියදම්, වැඩ කුලී, අතරමැදියන්ගේ සහ වෙළෙන්දන්ගේ ලාභ එකතුවෙන කොට නේ.
එළවලු තව අඩු කරන්න තිබ්බා, යහපාලනය ආණ්ඩුව හොරු වුනාට ඒ කාලේ ගොනි වෙනවට ප්ලාස්ටික් බස්කට් ගෙන්වා නම් අද කාගිල්ස්, කාලිස් වගේ එළවළු නාස්තිය අඩු කරා නම් 30-35% අපතේ යන එකත් අඩුයි, අඩුවට එළවළු දෙන්නත් තිබ්බා. මේ රජයත් ඒ අදහස තියෙනවා හැබැයි පුතෝ ගියපාර වගේ සෙල්ලම් බෑ, මොකද නිතීය තිතිට වැඩ. ආහාර නාස්තිය කියන්නේ බෞද්ධ දර්ශනයට අනුවත් ලොකු පවක්.
එළවලු /අල/ලුණු වල මිල අස්වනු ලබා ගන්නා කාලයට ඉතාමත් පහළට යෑමට හේතුව එකම බෝගය ගොවීන් වගා කිරීමයි. ඒ සඳහා කෘෂිකර්ම නිලධාරීන් මැදිහත්වී ගොවින්ට උපදෙස් ලබා දිය යුතුයි..