විශ්රාම වැටුප් බැංකු වලට නිදහස් කළා
රාජ්ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්රාම වැටුප් දීමනාව ඊයේ (9) බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය.