බටයක සඟවා තිබු අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 02 February 2026
‘දිට්වා‘ හානි කළ ආනවිළුන්දාව රැම්සා අභය භූමිය පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි. 02 February 2026
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එයි මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 02 February 2026
ගිනි අවිය අතුරුදන්වූවාට පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට මතුගම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් , මැගසිනයක් සහ පතුරම් දහයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 02 February 2026
ට්‍රැක්ටරයේ ටේලරයට යටවී ගුරුවරයා මරුට වාන්ඇල, කට්කුලම් ප්‍රදේශයේ වංගු සහිත ස්ථානයක මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකු ඊයේ (01) ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී පිටුපස රෝදයට යටවීමෙන් මියගිය බව වාන්ඇල පොලිසිය කියයි. 02 February 2026
බෙලිගමුව ගොවිපොලේ මුරකරු ඝාතකයා කොටුවෙයි මීට වසර දෙකකට ඉහත දී ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කර සැඟවසිටි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පොල්ලෙලි කාර් මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 02 February 2026
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 February 2026
ඉරානය - ඇමෙරිකාව සාකච්ඡාව මාර්ගයකට යුද්ධයකට නොගොස් ගිවිසුමකට එළැඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය, ඇමෙරිකාව සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කර ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 01 February 2026
දෙපැත්තේම කඹ ඇදීම්: විගණකාධිපති තනතුර පිරවීම ලොකු අවුලක විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ කඹ ඇදීම් උත්සන්නවීම හේතුවෙන් එම තනතුර පිරවීම මේ වනවිට විශාල අර්බුදයක් බවට පත්ව ඇත. 01 February 2026
වෛද්‍ය දරුවන්ගේ පාසල් ගැටළුව නිරාකරණය කරයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 01 February 2026
විශේෂඥ වෛද්‍යවරු වර්ජනයට නෑ වෛද්‍යවරුන් හෙට (2) පවත්වන බව කියන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. 01 February 2026
ඉන්දියා අය වැයෙන් ලංකාවට ලොකු සහායක් ශ්‍රී ලංකාවට ණය සහ ප්‍රදානයන් ලෙස ඉන්දීය රුපියල් කෝටි 400 සහායක් ලබාදීමට ඉන්දීය රජය මෙම වසරේ අයවැය කෙටුම්පත මගින් යෝජනා කර ඇත. 01 February 2026
රියදුරුගේ දස්කමින් ජීවිත රැසක් බේරෙයි වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරැලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය. 01 February 2026
ග්‍රෙගරි වැවේ බිළිඳු සිරුරක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) සොයා ගත් බව නුවරඑලිය පොලිසිය පවසයි. 01 February 2026
මත් කුඩු සමඟ යුවළක් දැලේ කාර් රථයකින් අයිස් මත් කුඩු ප්‍රවාහනය කළ යුවළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසියේ විෂ මත් ද්‍රව්‍යය නිවාරණ වැටලීම් ඒකකය කියයි. 01 February 2026
කළුතර සංවර්ධන වැඩ 287ක් මාස හතකදී අවසන් කළුතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති 290 ක් අතරින් 287 ක සංවර්ධන කටයුතු අවසන් කිරීමට ඉකුත් වසරේ මාස හයක් වැනි කාලසීමාවකදී රජයට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 01 February 2026
මාතලාපිටියේ පාරක් නාය යයි පසුගිය සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්වූ මාතලේ මාතලාපිටිය ප්‍රධාන මාර්ගයේ මාරගස්පිටිය ප්‍රදේශයේ ඊයේ (31) දින පෙරවරුවේ තවත් නාය යෑමක් සිදුව තිබේ. 01 February 2026
සර්වඥ ධාතු වන්දනාවට පැය 24ම ඉඩ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් වැඩි පිරිසකට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසීම සඳහා දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශන කිරීමට තීරණය කර තිබේ. 01 February 2026
වැටලීමට ගිය පොලීසියේ පිරිසකට ප්‍රහාරයක් වැටලීමක නිරතව සිටීයදි. පුද්ගලයන් පිරිසක් සිදුකළ පහර දීමකින් මහඔය පොලිසියේ දූෂණ මර්දන ස්ථානාධිපතිවරයා තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කර ඇති බව මහඔය පොලිසිය සඳහන් කරයි. 01 February 2026
මතුගම පොලීසියේ පිස්තෝලයක් අතුරුදන් මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝලයක් අස්ථානගත වී ඇතැයි මතුගම පොලිසිය පවසයි. 01 February 2026
මන්ත්‍රී වෑන් රියේ ගැටුණු දෙන්නෙක් රෝහලට ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතා ගමන් ගත් වෑන් රථය යාපනය මීසාලේයි උතුර ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියෙ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා චාවකච්චෙරි රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි. 01 February 2026
රවී-රන් මිල ඉහළ යාමට හේතුව කියයි මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. 01 February 2026
මත් සැකකරුවෝ 737 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 737 ක් ඊයෙ (31) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 01 February 2026
ආණ්ඩුව බොරු ඇත්ත කරන වෑයමක කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 February 2026
කෝටි 5 ක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් දැලේ රුපියල් කෝටි පහකට අධික වටිනා හොරෙයින් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි. 01 February 2026
මෝටර් රිය ගැටී විදුලි රැහැන් කණුව පාරට වැටෙයි මෝටර් රියක් ගැටී ගම්පහ මිරිස්වත්ත නගර මධ්‍යයේ විදුලි ට්රාන්ස්පෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණුවක් , කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ඇති ධාවන තීරුවට කඩා වැටීමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකටද හානි වී තිබිණි. 01 February 2026
අණ නොතකා ධාවනය වූ රියට වෙඩි කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය මගින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව ධර්මපුරම් පොලිසිය පවසයි. 01 February 2026
ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට පවරනවාට වෙළෙන්දෝ විරෝධය දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලනය ස්වභාවයෙන් ඉවත් කොට වෙනම සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරන බව ආර්ථික මධ්‍යස්ථානය වෙළඳසල් හිමියෝ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දුන්හ. 01 February 2026
’’ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි ’’ සම්මානය දිනා හංසනා දිවයිනට ඊජිප්තුවේ පැවති 53 වන ’’ මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් ’’ ( Miss Intercontinental ) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ ’’ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි ’’ ( Strenth and Harmony ) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය මෙනෙවිය අද අලුයම දිවයිනට පැමිණෙියාය. 01 February 2026
වෛද්‍යවරු හෙට සිට තවත් සැර වෙති සිය ඉල්ලීම් සඳහා රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට (02) සිට තීර්ව කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. 01 February 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026