රක්වාන  ගලහිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් බව  රක්වාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  අවුරුදු 69 ක් වූ ගලහිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය සිය පුතා සමග ගලහිටිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. පුතා රැකියා කටයුතු සඳහා ගොස් නැවත රාත්‍රී නිවසට පැමිණ බැලීමේදී මව හිසෙහි ලේ ගලන තුවාලයක් සහිතව නිවස තුල මියගොස් සිට ඇති බවට අනාවරණය වී ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට නිරික්ෂණය වී ඇති බැවින් සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.