(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

නන්දා මාලිනියගේ දේහය තැන්පත් කර ඇති නාවල සංගීත ආශ්‍රමයට ගිය ජනාධිපතිවරයා  අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් වෙත ශෝකය පිරිනැමුවාය.

එහි රැස්ව සිටි ජනතාව සහ කලාකරුවන් සමඟද ජනාධිපතිවරයා කතාබහක නිරතවිය.