වැට් බදු සංශෝධන සම්මතයි
එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.