
(සුජිත් හේවාජුලිගේ)
කිසිදු සංස්කෘතික කටයුත්තක් සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් පැනවීමට හෝ කිසිදු බාධාවක් කිරීමට රජය පියවර ගෙන නොමැති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවද ඔහු කීය.
ලියාපදිංචි ලිපිගොනු පදනම් කරගනිමින්, නෛතික ගැටලු නොමැති හීලෑ අලි අැතුන් සංඛ්‍යාව 56ක් ලෙස දැනට හඳුනාගෙන අැතැයි ජයකොඩි මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd