හෝර්ටන් තැන්න සංචාරකයන්ට විවෘතයි හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය මාර්ග අද සිට දෙස් විදෙස් සංචාරයකයන් සදහා පමණක් විවෘත වන බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය භාරකාර එම්. එම්. කේ. මොරතැන්න මහතා පැවසීය. 07 December 2025
’’ෆැක්ටරි’’ 500ක් ගංවතුරේ ගංවතුර සහ නාය යෑම් විපතින් දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතුළු නිෂ්පාදන ආයතන පන්සීයකට ආසන්න ප්‍රමාණයක් විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 07 December 2025
ආපදාවට සහන සලසන්න ඇමෙරිකා යානා දෙකක් එයි ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සදහා ඇමෙරිකානු ගුවන් හමුදාව සතු සී.- 130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් අද (7) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කදවුර වෙත ළගා විය. 07 December 2025
‘ කුෂ්‘ සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් විසි පන් කෝටි අසූ නව ලක්ෂ අසූ හතර දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද(07 ) දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2025
ශ්‍රීපාද වන්දනා කරුවන්ට හැටන් පාර සීමා කරයි 2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටුපහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය. 07 December 2025
මුළු අනුරාධපුරේටම හෙට වන විට විදුලිය දෙන්න පුළුවන් හෙට දිනය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ලබාදෙන්නට හැකි බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද(7) පැවසීය. 07 December 2025
උඩින් ඇවිත් බොරා ගනීද්දී ගංවතුරට වැටුණු රන් ආභරණ බෑගය හමුවෙලා නිවසේ වහළය මත රැදී සිට හෙලිකොප්ටරය මගින් ගන්නා විට රන් ආභරණ සහිත මුදල් බෑගය ගං වතුරට වැටී දින 5 කට පසු අසල්වැසියකුට හමු වී ගෙනත් දීමේ උතුම් ක්‍රියාවක් සේරුවිල මාවිල්ආරු ප්‍රදේශයෙන් වාර්තා වේ. 07 December 2025
අනුරාධපුර වැනසුණු වී වගා යළි අස්වද්දන්න ගංවතුරට විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 07 December 2025
තුනහමාරේ විදෙස් දරුවා හදිසියේ මරුට කිරින්දේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙනසිටි අවුරුදු තුනහමාරක් වයසැති ජර්මන් ජාතික පිරිමි දරුවෙකු හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. 07 December 2025
මහනුවරින් කොළඹට දුම්රියෙන් ආ මගීන්ට හෙට සිට විශේෂ බස් මහනුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණී මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යොදවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. 07 December 2025
බිරියගේ මෝල් ගස් පහරින් සැමියා මරුට විවාහක බිරිද විසින් මෝල් ගසකින් හිසට පහරදි 67 හැවිරිදි සිය සැමියා ඝාතනය කොට ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 07 December 2025
ලංකා නාවික හමුදාවට ඇමෙරිකාවෙන් නෞකාවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘ඩිසීසිව්’ නෞකාව මෙරටට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතාට නිල වශයෙන් බාරදීම එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්පත් කරගැනීමේ නියෝජ්‍ය ප්‍රධානී ජේම්ස් එල්. නයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 07 December 2025
සබලකරන ලද ආහාර තොගයක් ඕස්ට්‍රේලියාවේන් මෙරටට ගංවතුර ආපදා තත්වයෙන් ව්පතට පත් වී දැනට ’’ සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල සහ තවමත් හුදෙකලා ’’ වී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ මට්ටම බිද වැටීමට නොදී ස්ථාවරව තබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් ’’ සබලකරන ලද අතිරේක පෝෂණීය ආහාරයක් ’’ ලෙස සකස් කළ විස්කෝතු තොගයක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 07 December 2025
නාමල්ගේ ’’ආදරය’’ පාසල් හතරකට යයි අවතැන් වූ දරු දැරියන්ට පොත් පත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක කරන ’’ආදරය’’ වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් හතරකදී ක්‍රියාත්මක කළ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 December 2025
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් හලාවත රෝහලේ සැප දුක් බලන්න යයි ජල ගැල්මට හසුවූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයාබැලීම සහ අදියරෙන් අදියර රෝහලේ සියලු ප්‍රතිකාර සේවාවන් යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිරත විය. 07 December 2025
මාතලේට වෙච්ච හානිය ජනපතිට කියයි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 5501ක පුද්ගලයන් 11804ක් ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින බව නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය. 07 December 2025
සත්තුවත්තේ පරෙවියන් සොරකම් කළ සූපවේදියා අල්ලයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් සොරකම් කළ බව කියන සූපවේදියකු සොරාගත් පරෙවියන් 15දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 07 December 2025
දිට්වාගෙන් මිය ගිය සියලු දහම් දරුවන්ට මතක වස්ත්‍ර පූජා කරති දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමිවූ බෞද්ධ ,අබෞද්ධ සියලුම දරුවන්ට පිං අනුමෝදනා කරමින් විශේෂ මතක වස්ත පූජාවක් ඉඳුරුව තේක්කවත්ත සුගතපාල දහම් පාසලේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය නියෝජය පරිවේනාධිපති, කුඹල්ගම විපුලසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (7)පෙරවරුවේදී පැවැත්විණ. 07 December 2025
මියන්මාර රජයේ ආපදා ආධාර තොගයක් කටුනායකට මියන්මාර රජය විසින් මෙරටට ලබා දුන් ආපදා ආධාර තොගයක් සහ එරට නියෝජිත පිරිසක් රැගත් විශේෂ එරට ගුවන් හමුදා ගුවන් යානයක් මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි . එම ගුවන් යානය තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් තිබුණි . 07 December 2025
සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය. 07 December 2025
ගිනි අවිය පත්තුවී පොලිස් නිලධාරියෙක් රෝහලේ මාලබේ පොලිස් ස්ථානය තුළදී අද (07) දින උදෑසන ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 07 December 2025
ඝාතනයට සඟවා තිබු අවි- උණ්ඩ සොයාගනී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි නැමැත්තා ඝාතනය කිරීම සඳහා සඟවා තැබූ බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 10 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 07 December 2025
දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2025
අද කාලගුණය දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 December 2025
ශ්‍රීපාද නාය ගිය තැනින් පැරණි පඩි පෙළක් ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමත් සමග ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. 06 December 2025
ස්විට්සර්ලන්තයෙන් ආධාර රැගත් ගුවන් යානයක් දිවයිනට ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට ළඟා විය. 06 December 2025
දෙහිවල වෙඩි තැබීමක් දෙහිවල වනරතන පාර නිවාස සංකීර්ණය ක්‍රීඩාපිටිය අසලදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. 06 December 2025
ඉන්දීය ආධාර රැගත් 9 වැනි යානයත් එයි ඉන්දියාව විසින් නම් කර ඇති ’’ සාගර බන්ධු ’’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (6) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 06 December 2025
ආපදා වගා වන්දි දෙසැම්බර් 30ට කලින් ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. 06 December 2025
අම්පාරට මහියංගණයට එළිය වැටෙයි අධික වර්ෂාව සමග රන්දෙණිගල සිට මහියංගනය දක්වා විදුලිය ගෙනයන කඩා වැටුනු මාර්ගය අද සවස් වෙනකොට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර විදුලිය ලබාදිමට හැකිවිය. 06 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026