“ආනවිළුන්දාවේ රැම්සා අභය භුමියේ වැව් දෙකක් කැඩෙයි පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි. 08 December 2025
ග්‍රෙගරි වැවේ අධීක්ෂණ වැඩ වාරි මාර්ගයට පවරයි නුවරඑළිය ග්‍රෙගරි වැව සම්බන්ධ අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 December 2025
ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු තලවතුගොඩ නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළද මධ්‍යස්ථානයක ඇදුම් ඇගලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා එම කාමරය තුළ කාන්තාවන් ඇදුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ එම වෙළදසැලෙහි හිමිකරු අද (08) දින අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 08 December 2025
ආපදා අයට බේත් දෙන්න ජංගම සුව සායන අරඹයි ආපදාවට ලක්වූ ජනතාව ලැගුම් ගෙන සුරක්ෂා මධ්‍යස්ථාන ආශ්‍රිතව සුවිශේෂී ’’ආරෝග්‍යා ’’ ජංගම සුව සායන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අරඹා තිබේ. 08 December 2025
සංගමු රජමහා විහාරාධිපති හිමියෝ අක්කර විස්සක් දන් දෙති මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති උදම්මිමට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය අලුත්ගම මංගල හිමියෝ නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දුන්හ. 08 December 2025
ගංවතුරෙන් අපනයන ආයතන 38ක් සුන් කාලගුණ විපතින් අපනයන ක්ෂේත්රයේ ඇඟලුම් ඇතුළු විවිධ ආයතන සහ කර්මාන්තශාලා 121 කට නොයෙක් ආකාරයේ හානි සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය. 08 December 2025
කුරුණෑගල හෙක්ටයාර 5514ක් යළි වගා කරන්න බෑ ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 12729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් හෙක්ටයාර 5,514ක් යළි වගා කළ නොහැකි බව නිලධාරීහු කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය. ඉඩම් හෙක්ටයාර 7215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවද නිලධාරීහු එහිදී සඳහන් කළහ. 08 December 2025
වත්තේගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වහයි දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දැඩි ලෙස නායයෑමට ලක් වූ වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 08 December 2025
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නුවරඑළියේ පාරවල් හදන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි වල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසර අවසන් වීමට පෙර අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 December 2025
චීන ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ , මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද( 08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 08 December 2025
වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල් අගමැතිනියට ලියයි ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ලිඛිත ඉල්ලීමක් කරයි. 08 December 2025
අනවසර ඉදිකිරීම් නවත්තන්න වෙනම නීති ගෙනෙයි ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර ඊට එරෙහි වන නීති ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 December 2025
මැතිසබේ මන්ත්‍රීලා විස්සකටත් ආපදාවෙන් කරදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ගංවතුරින් සහ නායම්වලින් විවිධ කරදර සහ හිරිහැරවලට ලක්ව ඇති බව ආරංචි මාර්ගවලින් පැවසේ. 08 December 2025
ට්‍රම්ප්ගේ ආරක්ෂක උපාය මාර්ග පුටින්ගේ පැසැසුමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගික වැඩපිළිවෙළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත. 08 December 2025
නැ‘හිර පාසල් 221 කට හානි ජලගැලීම් හා සුළි කුණාටු තත්වයන් හේතුවෙන් නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17 න් 15 අයත් පාසල් 221 ක් හානියට පත්ව ඇතැයි නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අද (08) පැවසීය . 08 December 2025
වැඩිහිටි ආරෝවෙන් මල්වතු ඔයේ සැඟවුණ මල් කැකුළු මව සමග මල්වතු ඔයට වැටුණු දරුවන් දෙදෙනාගෙන් දියණියගේ සිරුර ද සොයාගත් බව පොලිසිය කියයි. 08 December 2025
ඩුබායි පනින්න ගිය හීනටියෙ මහේෂ්ගේ ගෝලයෙක් මාට්ටු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනටියෙ මහේෂ් නැමත්තාගේ අනුදැනුම මත අද (8) ඩුබායි රාජ්‍ය බලා පලා යෑමට සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 08 December 2025
අකුණකින් නිවසක් ගිනිබත් වෙයි බලපිටිය බාහක්මණවත්ත පී.ආර්. ද සිල්වා මාවතේ නිවසකට ඊයේ (7) රාත්රියේදී අකුණු සැර වැදී එම නිවස ගිනි ගෙන ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 08 December 2025
පළාත් කිහිපයකට අදත් වැස්ස උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි 08 December 2025
මාතර මාධ්‍යවේදියෝ ආපදා වූ මාධ්‍යවේදීන් සොයා යති මාතර මාධ්‍යවේදීයෝ සංවිධානය ගංවතුරින් ආපදාවට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සොයා ඉකුත් දා ප්‍රදේශ කීපයක සංචාරය කළහ. 07 December 2025
බූස්ස බන්ධනාගාරයේ කලබලයක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු විසින් පහරදිමක් සිදු කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යලය පවසයි. 07 December 2025
ජනපති- අටමස්ථානාධිපති නාහිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. 07 December 2025
පේරාදෙණිය කළු පාලම ගැන හෙට තීරණයක් පේරාදෙණිය පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය. 07 December 2025
අයි.එම්.එෆ් ණය පමාවක් ගත යුතුමයි ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 December 2025
මහියංගන රෝහලේ පරිගණක ඒකකය යථා තත්වයට ගංවතුරට හසුව අක්‍රිය වී තිබූ මහියංගන රෝහලේ සියලු පරිගණක උපාංග නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව මහියංගන රෝහල් ආරංචි මාර්ග පැවසීය . 07 December 2025
කඩුගන්නාව පාර 24 පැයේම අරී වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත වාහන ගමනාගමනයට විවෘත කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්රකාශයෙක් පැවසීය. 07 December 2025
මහියංගන - මහනුවර මාර්ගය විවෘත කරයි නායයාම් ගල් පර්වත පෙරළීම් හේතුවෙන් අවහිර වූ මහනුවර - මහියංගන 18 වංගු මාර්ගයේ සියලු බාධා ඉවත් කර රථ වාහන ධාවනය සඳහා විවෘත කළ බව ප්‍රවාහණ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. 07 December 2025
බඩු කොල්ල කෑවොත් වැඩ වරදී ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත. 07 December 2025
ඉතාලියේ ලංකික සමාජ ක්‍රියාකරුවකු ආධාරත් කොල්ල කාලාලු ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාග ශීලිහු චෝදනා කරති. 07 December 2025
කාන්තන්කුඩි ජනතාව වියලි ආහාර දෙති මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ පිරිසක් එකතු කරගත් වීයලි ආහාර ද්‍රව්‍ය තොගයක් පොළොන්නරුව මනම්පිටිය, දිඹුලාගල, ඇතුළු අවට ගම්මානවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා බෙදා දීම සඳහා එම ද්‍රව්‍ය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලා ලංකාර නාහිමියන්ට පරිත්‍යාග කළේය. 07 December 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026