ඝාතනයකට සූදානම් වූ අයෙක් මාට්ටු දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා ගිනියවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටිි පුද්ගලයකු ඊයේ (18) සවස අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 19 March 2026
අල්ලස් ගත් රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ් රාගම සතිපොළ බදු පදනම් මත ලබාගත් ව්‍යාපාරිකයාගෙන් පොළ පැවැත්වෙන දින දෙක සඳහා රුපියල් පන්දහස බැගින් අල්ලස් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා නියෝග කළේය. 19 March 2026
වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත අද හිමි කරගත්තේය. 18 March 2026
කුඩු ගෙනා ධීවරයන් දින 30ක් රඳවා ගන්න අවසර මත්ද්‍රව්‍ය කිලෝ 654 ක් ,ටී56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට පත්ව දින හතක් රඳවා ප්‍රශ්න කල ධීවරයින් පස්දෙනා තවත් දින 30ක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය. 18 March 2026
මන්ත්රිණියත් තෙල් පෝලිමේ ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා හැටන් ඉන්ධන පිරවුම්හලක් අසල වාහන පෝලිමේ රැදී සිටින අයුරු දැතගත හැකිවිය. 18 March 2026
තව තෙල් ඉල්ලා කන්ටේනර්කරැවෝ සටනට බහාලුම් ප්‍රවාහනය කරන ලොරි රථවලට ලැබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ප්‍රවාහන කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ. 18 March 2026
හොරට තෙල් දුන්නොත් කියන්න දුරකතන අංක දෙකක් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රජය නිවේදනය කරයි. 18 March 2026
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ගුවන් ප්‍රහාරයකින් මරුට ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා අද තහවුරු කළේය. 18 March 2026
අල්ලන මත්ද්‍රව්‍ය ඉක්මනින් වනසන්න නීති හදන්න අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 18 March 2026
ආමි උපුල්ගේ ඝාතකයා සහ යතුරුපැදි කරු අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ආමි උපුල් නැමැත්තා රාගම , බටුවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ පසුපැදිකරු පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 18 March 2026
’’ගුවන් තෙල් මාසයකට විතරයි’’ ගුවන් යානා සඳහා මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාට අද (18) දැනුම්දී ඇත. 18 March 2026
ASP හතරකට ස්ථාන මාරු සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 March 2026
විශේෂ වාහන අංක ගන්න දස ලක්ෂයක් ගෙවන්න වෙයි මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2026
වතුරේ ගුණාත්මක බව රකින්න දත්ත පද්ධතියක් ජල පරිසරය පසු විපරම් කිරීම සහ දත්ත මත පදනම් වු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 March 2026
ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි ඉන්දියා සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 18 March 2026
විදුලි ගාස්තු සංශෝධනය ළගදීම කියනවා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මෙම මස තුළ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය. 18 March 2026
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි මැරුවේ ටෙහෙරාන් ඔත්තුවකින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි ඝාතනය කරනු ලැබුවේ ටෙහෙරාන් වැසියන් ලබාදුන් බුද්ධි තොරතුරු ආධාරයෙන් බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 18 March 2026
ඇමෙරිකාවට ගැති නැති නැව් හෝමූස් හරහා යනවා ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය නොදක්වන භාණ්ඩ ප්‍රවාහන වාණිජ නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට ඉරාන විප්ලවීය හමුදාව දිගින් දිගටම අවසර ලබා දෙන බව අල් ජසීරා පුවත් සේවය පැවැසීය. 18 March 2026
ට්‍රම්ප් බීබීසීයට දෙහි කපයි ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් නාලිකාව සිදුකරන පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් තමා පැහැදීමකට පත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ කීවේ බීබීසී නාලිකාවට දොස් නගමිනි. 18 March 2026
ඊශ්‍රායලයේ ගොවිතැනට යැවූ 6959කගේ කෝටි 80කට විදලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ කෘෂිකර්මික රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකික සේවකයන් 6959 කගෙන් රුපියල් කෝටි 80කට වැඩි මුදලක් වැඩිපුර අයකරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 18 March 2026
පුටින් ඉරානයට උදවු කිරීම හංගන්න කාරි නෑ යුද ගැටුම් මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට සහාය දෙන බව තමන් දන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවැසීය. 18 March 2026
රෝගී ආරක්ෂාවට ක්‍රියාකාරී සැලසුම් තුනක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව උදෙසා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් තුනක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 18 March 2026
අයර්ලන්ත අගමැති ධවල මන්දිරයේ අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය සමරග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. 18 March 2026
’’ මෙයාට පැනලා යන්න වෙනවා’’ රටට අනාගතේ මූණ දෙන්න වන ඇත්ත අර්බුද නොකියා ජනාධිපති සුන්දර කතා ගොතා කීමෙන් කිසිම යහපතක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී අද (18) පැවැසීය. 18 March 2026
මන්ත්‍රීලාගේ තෙල් ගැටළුව මහ ලේකම්ට බාරදෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටළු විසඳීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 18 March 2026
ඉන්ධන බෙදීම ඔත්තේ ඉරට්ටේ අනුව QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. 18 March 2026
ලංගම බස් දෙකක් ගැටී හතරක් මරුට :12ක් රෝහලට හම්බන්තොට - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ අසලදී අද (18) දහවල් ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් සිව්දෙනකු මිය ගොස් 12 දෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 18 March 2026
අනවසරෙන් ඩ්‍රෝන යැව්වොත් වැඩ වරදී නිසි අවසරයකින් තොරව ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ගුවන් හමුදාව පවසයි. 18 March 2026
තාම කිව්.ආර් හදාගත්තේ නැත්නම් මෙන්න පාර රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) සඳහා ලියාපදිංචි වීමට සහාය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත. 18 March 2026
විදෙස් රැකියා වංචා කරුවන්ගෙන් ලක්ෂ 1945ක් යළි අය කර ගනී විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව පසුගිය වසරේ ඔක්තොම්බර් සිට 2026 වසරේ පෙබරවාරි දක්වා ගෙවුණු මාස 5 දී නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 18 March 2026
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026