ලංකා - ඉන්දීය ජාතික ශිෂ්යභට බලකා සහයෝගිතා ගිවිසුමක් ශ්රී ලංකාවේ ජාතික ශිෂ්යහට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්ය හට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 September 2026
ශ්රී ලංකා - චීන ආගමන පාලන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ශ්රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 01 September 2026
ශ්රී ලාංකික පවුලක් නේපාලයේදී අතුරුදන් නේපාලය සහ ටිබෙටය කැලඹූ මහා ජල ගැල්මට හසුවී අතුරුදන් වූවන් අතරේ, ශ්රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්රේලියා යුවළක් සහ ඔවුන්ගේ කුඩා පුතුන් දෙදෙනා ද ද සිටින ඔස්ට්රේලියා මාධ්ය පවසයි. 01 September 2026
චීන තානාපති - ටිල්වින් හමු වෙයි ශ්රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර පැලවත්ත ජවිපෙ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි. 01 September 2026
නව මෝටර් රථ කොමසාරිස් තුෂාර මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා අද (1) වැඩභරගත්තේය. 01 September 2026
ප්රියංකර ජයරත්න වසර හතකට සිරගෙට හිටපු සිවිල් හා ගුවන්සේවා අමාත්ය ප්රියංකරට වසර හතක බරපත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළේය. 01 September 2026
22ක සලකා බැලීම 502 ශාලාවෙන් 501කට මාරු කරයි 222 වැනි ආණ්ඩුක්රම ව්යාවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහ නඩුව කැඳවූ අධිකරණ ශාලාව මාරු කිරීමට සිදුවිය. 01 September 2026
ඛනිජ කර්මාන්ත සංවර්ධනයට ජනපති සාකච්ඡාවක් කැඳවයි අපනයන ප්රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 01 September 2026
හොරණ රෝහලේ ගින්න නිවයි හොරණ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කොටසක ගින්නක් හටගෙන ඇති බව හොරණ පොලිසිය පවසයි. 01 September 2026
ඇමෙරිකා හමුදා ලේකම් ඩ්රිස්කෝල් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා හමුදා ලේකම් ඩෑන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඇමෙරිකන් මාධ්ය වාර්තා කළේ හමුදා ලේකම් ඩෑන් ඩ්රිස්කෝල්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් ඩ්රිස්කෝල් අතරේ මත ගැටුම් පැවැති බවත්, එම මත ගැටුම් හේතුවෙන් ඩ්රිස්කෝල් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්ය. 01 September 2026
පුටින් - ජින්පින් හමුවක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කිර්ගිස්තානයේ පැවැත්වෙන ‘ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ’ වාර්ෂික සමුළුවට එක් වෙමිනි. 01 September 2026
කළුගඟේ තරුණයෙක් සැඟ වේ හොරණ නාරගල පාලම අසල කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයන් තිදෙනකු ජල පහරට හසු වී ගසාගෙන යද්දී දෙදෙනකු ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර, එක් තරුණයකු අතුරුදන්ව ඇති බව හොරණ පොලිසිය පවසයි. 01 September 2026
පානදුරදී වෙඩි වැදුණු තරුණයා රෝහලේ දී මරුට පයාගල කොස්හේන ප්රදේශයේ නිවසක් ඉදිරිපිට එල්ලවූ වෙඩි ප්රහාරයකින් තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි . 01 September 2026
කුඩු කිලෝ 500ක් වරායෙන් අල්ලයි පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන්වූ අයිස් මත්ද්රව්ය කිලෝ 500 කට ආසන්න ප්රමාණයක් සොයාගැනීමත් සමග ඒවා ගෙන් වූ බවට සැකකරන දෙමටගොඩ ප්රදේශයේ ව්යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 31 August 2026
22 සලකා බලන්න අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 22 ආණ්ඩුව ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්රම ව්යවස්ථාව අවභාවිතා වන බව ප්රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්රම වස්ථාවට පටහැනි බව ප්රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඊට පක්ෂව ද ගොනු කොට ඇති සියලු පෙත්සම් හෙට දින පෙරවරු 10 ට අගවිනිසුරු ප්රීතී පද්මන් සුරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 31 August 2026
’’22 ගැන අපි මුකුත් කියන්නේ නෑ’’ විසි දෙවන සංශෝධනය මූලික වශයෙන් නීතිය හා අධිකරණය හා සම්බන්ධ කාරණයක් බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම තම සංගමයේ විෂය පථයට අයත් නොවන බව රජයේ දන්ත වෛද්යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 August 2026
කොළඹ මහාධිකරණයේ කෑල්ලක් කඩා වැටිලා කොළඹ මහාධිකරණ සහ දිසා අධිකරණ පවත්වාගෙන යන පෞරාණීක ගොඩනැඟිල්ලේ යම් කොටසක් පෙරේදා රාත්රීයේ කඩා වැටීම හේතූවෙන් කොළඹ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු අද අඩාල විය. 31 August 2026
සමෘද්ධි බැංකුව ශක්තිමත්ම ශුද්ර මූල්ය ආයතනයක් කරනවා සමෘද්ධි බැංකු පද්ධතිය ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්ර මූල්ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවැසීය. 31 August 2026
භාණ්ඩාගාරය පිරුණත් ජනතාවට සහන නෑ ජනතාවගේ බදු මුදල් වලින් මහා භාණ්ඩාගාරය පිරී තිබුණත් ආණ්ඩුව ඒවායින් කිසිම සහනයක් ජනතාවට දෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා මාධ්ය හමුවකදී අද (31) පැවසීය. 31 August 2026
රවී කරුණානායකට ඇප මුදල් අමාත්යංශයේ විශේෂ ව්යාපෘතියක් සඳහා යැයි පවසමින් බඳවාගත් සේවකයන් තිදෙනකුට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් වැටුප් ගෙවා රජයට පාඩු කළේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ හිටපු මුදල් ඇමැති ,පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියන්වර්ෂ විතාන මහතා නියෝග කළේය. 31 August 2026
ජපන්-රුමේනියා යන අයට එරට සංස්කෘතිය ඉගෙනුම අනිවාර්යයි ජපානය හා රුමේනියා රැකියා සඳහා පළමු වරට විදේශගත වන ශ්රමිකයන් සඳහා පෙර ’විගමනික නම්නිකරණ’’ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 31 August 2026
මැතිසබේ වාහන වෙන්දේසිය කොට උඩ පාර්ලිමේන්තුවේ වාහන 12ක් වෙන්දේසි කිරීමට තීරණය කර තිබුණද මේ දක්වාම එම කාර්යය සම්පූර්ණ කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 31 August 2026
වෛද්ය අතරමැදි ශ්රේණියක් හදන්න කමිටුවක් වෛද්ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්රේණියක් (Intermediate Cadre) පිහිටුවීමේ යෝජනාව අධ්යයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් නිල වශයෙන් පත් කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. 31 August 2026
බඹර ප්රහාරයෙන් වතු කම්කරුවන් 17ක් රෝහලට තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) දින උදෑසන එල්ල වූ බඹර ප්රහාරයකින් වතු කම්කරුවන් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ 31 August 2026
ජපානයේ ව්යාපාරකයන්, ආයෝජකයන් සහ වෘත්තීයවේදීන් පිරිසක් දිවයිනට ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජපන් සංචාරකයින් 250ක් දිවයිනට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යාංශය පවසයි. 31 August 2026
ලංකා - නවසීලන්ත යාලුකම සමරන්න ක්රිකට් තරඟාවලියක් නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ දී පැවැත්විණි. 31 August 2026
අගවිනිසුරුට මැතිසබේ චෝදනා පාර්ලිමේන්තුවේදී අැතැම් මන්ත්රීවරුන් අගවිනිසුරැවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනා ගැන කිසියම් මූලික පරීක්ෂණයක් හෝ විමසීමක් හෝ වෙනත් ක්රියාමාර්ගයක් හෝ ගෙන තිබේදැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට ලිපියක් යවමින් විමසීමක් කරයි. 31 August 2026
අධිවේගයෙන් පසුගිය සතියේ කෝටි 40 ක ආදායමක් දීර්ඝ නිවාඩුවක් යෙදුණු පසුගිය 24 වැනිදායින් ආරම්භ වූ පසුගිය සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බවත් පසුගිය මස 26 වැනිදා සිට 30 වැනිදා දක්වා දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් ලැබුණු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය. 31 August 2026
ජල ගැල්මට බිලිවුණු ගණන 919 ක් නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ජල ගැල්මෙන් මියගිය සංඛ්යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි. 31 August 2026
පාන් මිල රුපියල් 10 කින් ඉහළට ග්රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 31 August 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026