(සුමිත් පොතුපිටිය)

පයාගල කොස්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි  පයාගල පොලිසිය පවසයි .

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී දිල්හාන් සුරේෂ් කුමාර නමැති 27 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි.

පානදුර කුඩු සළිදු සහ පානදුර කුඩ නිලංග ගේ පාතාල කල්ලි දෙක අතර පවතින ගැටුමක් හේතුවෙන් වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට ද පොලිසිය සැකපලකරති.

වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර වදුරම්මුල්ල සුසාන භූමියේ පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු බවත්, ඔහු පානදුර කුඩු නිලංග ගේ පාර්ශ්වයේ අයකු බව ද මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙළිව ඇතැයි පොලිසිය කියයි.

සැකකරු බන්ධනාගාර ගතව සිට මෑතකදී ඇප මත මුදාහැර ඇති අයකු බවද පොලිසිය සදහන් කරයි.

පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තරුණයන් තිදෙනකු කතාබහ කරමින් සිටියදී පැමිණි නාදුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.