
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යහට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය හට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ශිෂ්‍ය හට බලකායන් අතර දැනටමත් ක්‍රියාත්මක වන තරුණ හුවමාරු වැඩසටහන්, දෙරටෙහි මිත්‍ර සබඳතා පුළුල් කිරීමට දායකත්වය ලබා දෙනු ලබන අතර, එකී සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා එම ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා කරනු ලැබ ඇත.
එම ගිවිසුම මඟින් ඒකාබද්ධ විශේෂිත පුහුණු සහ නායකත්ව වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සඳහා දෙරටේ ශිෂ්‍යභට බලකා සාමාජිකයින් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය හට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd