දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි. 22 April 2025
කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හීනටියන මහේෂ් නමැත්තාගෙන් බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කටුනායක පොලිසිය කියයි. 22 April 2025
පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනි සෙනසුරාදා දින සිදු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. 22 April 2025
‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘ රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ්‍රිපාදස්ථාණාධිපති ඌව වෙල්ලස්ස ව්ශ්ව ව්ද්‍යාලයේ කුලපති රතනපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ. 22 April 2025
පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 22 April 2025
බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසයි. 22 April 2025
හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 22 April 2025
නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක් කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි. 22 April 2025
පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇත. 22 April 2025
’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය. 22 April 2025
බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 22 April 2025
කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අගමැතිවරියට සහ විපක්ෂ නායකවරයාට ලිපියකින් දැනුම් දී ඇත. 22 April 2025
ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන වගා කටයුතු කිරීම හේතුවෙන් එහි පුරා සාධක වලට හානි සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. 22 April 2025
වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයකුගේ පාදයක් බීදීම නිසා අල්ලා ගත් බව පොලිසිය කියයි. 22 April 2025
ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි ’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 22 April 2025
කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
නුවර එනකොට පොලිතින් ගේන්න එපා සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි. 22 April 2025
විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 April 2025
බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 22 April 2025
ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 22 April 2025
මෝටර් රිය අඩි 300ක් පහළට නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. 22 April 2025
ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 22 April 2025
කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි. 22 April 2025
අද සවස එකෙන් පසු තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026