සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද? පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන නීතිඥවරියක ලෙස වෙස් ගත් ඉනෝකා සෙව්වන්දි නමැත්තිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 April 2025
පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහාර එල්ල කළ බව එරට හමුදාව චෝදනා කළේය. 21 April 2025
තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක් පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. 21 April 2025
අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය. 21 April 2025
ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (21) පැවසීය. 21 April 2025
ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය. 21 April 2025
පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ ප්‍රකාශ කළාය. 21 April 2025
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පවසයි. 21 April 2025
පොලිසියට අලුතින් 5000ක් මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත. 21 April 2025
රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 21 April 2025
පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය. 21 April 2025
නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. 21 April 2025
අනියම් පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) මියගොස් ඇති බව පොලිසිය පවසයි. 21 April 2025
’’මගේ ලෝයර් තාම පිටරට’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය. 21 April 2025
දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩිය එපා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. 21 April 2025
නව පාප් වහන්සේ තේරිම දින 15කට පසු අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට පසුව සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 21 April 2025
මර්වින් යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් හතර දෙනා තවදුරටත් ලබන මැයි මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 21 April 2025
උද්ධමනය ඉහළට ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 21 April 2025
’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’ මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළි කරන්නේ යැයි ජනාධිපතිවරයා දුන් පොරොන්දුව කඩකළ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 21 April 2025
අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක් අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනෙකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නිකුත් කළේය. 21 April 2025
ක්වාති විනිසුරු අල්ලස් ගනිද්දී මාට්ටු ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 21 April 2025
’’අනුරත් පාස්කු ප්රශ්නය විසඳන්නේ නෑ’’ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 21 April 2025
මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 April 2025
පාප් වහන්සේට ජනපති ශෝකය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ. 21 April 2025
ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම් සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 21 April 2025
යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොලිසිය කියයි. 21 April 2025
මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවසීය. 21 April 2025
සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ල ජන රැළියේදී පෙරේදා පැවසීය. 21 April 2025
පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය. 21 April 2025
පුංචි ඡන්දයේ පෙත්සම් 60ක් ඉවතට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 21 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026