(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්‍රෑම් 3.85 ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (14) නියම කළේය.
හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවන්ට මීට පෙර වරදකරු වී ඇති බවට අධිකරණයට වාර්තා වී ඇති මෙම විත්තිකාරියට එරෙහි මෙම නඩුවේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
කොළඹ 14 ග‍්‍රැන්ඩ්පාස් ස්ටේට්පුර ප‍්‍රදේශයේ පදිංචි ජෝර්ජ් ඥාණප‍්‍රගාසම් අයිරාංගනී හෙවත් බට්ටි නමැති 60 හැවරිදි වියේ පසුවු කාන්තාවකට මීට වසර 3 කට පෙර සිදුකළ වරදක් සම්බන්ධයෙන් මෙලෙස ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදී.
2015 නොවැම්බර් 24 වැනි දා හෝ ඊට ආසන්න දිනයක ග‍්‍රැන්ඩ්පාස් ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 3.85 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකාරියට එරෙහිව නඟා ඇති චෝදනාවන්ගෙන් හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවට ඇය වරදකාරිය බව තීරණය කළ විනිසුරුවරයා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් එම චෝදනාවෙන් ඇය නිවැරදිකාරිය බව තීරණය කළේය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෙරොයින් ළඟ තබා ගත් කතට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්
chathuri Friday, 14 September 2018 11:31 AM
එතකොට සිද්දික් කියන තැනැත්තා නිදහස් වුනේ කොහොමද? ඒ නම කුඩු වෙනුවෙන් ප්‍රසිද්ධ නමක් සිද්දික් ගේ. ෆයිල් හන්ගලද? වැඩිදුර පරීක්ෂණ අරඹන්න... නීතිය සැමටම එකයි.
OMGSaturday, 15 September 2018 06:56 AM
මේ සිද්ධික්ගේ බඩු නෙමෙයිලු. විරුද්ධ පක්ෂයේ...