(අමල් වික්‍රමරත්න)
දුරුතු පොහොය යෙදෙන අද (1) වෙනත් පොහෝ දිනට වඩා චන්ද්‍රයා විශාලත්වයකින් දැකිය හැකි දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
වෙනත් පොහොය දිනට වඩා චන්ද්‍රයා 14% විශාලත්වයකින් සහ වෙනත් පොහොය දිනට වඩා 30% දීප්තියකින් දිස්වන බව සඳහන් කරයි.
අද (1) දිනයේ කිලෝමීටර් 50000ක් පෘථිවියට ආසන්න වන චන්ද්‍රයා පෘතුවියට කිලෝමීටර් තුන්ලක්ෂ පනස් හයදහස් පන්සියය හැටපහක් දුරින් පිහිටන බව ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට සුපිරි සඳ දිස්වන්නේ අද (1) පස්වරුවේ සූර්යා බැසයාමත් සමඟ නැගෙනහිර ක්ෂිතිජයේ සඳ උදාවන අවස්ථාවේ සහ හෙට (2) පසුදා අලුයම සඳ අවරට යන අවස්ථාවේ මොහොතකට පෙර බටහිර ක්ෂිතිජයේ දැක ගත හැකිබව සඳහන් කරයි.
මෙවැනි දුර්ලභ අවස්ථාවක් ලබන ජනවාරි 31 වැනි දා යෙදෙන නවම් පොහොය දිනයේ උදාවන බව ග්‍රහලෝකාගාරය පවසයි.
චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය වැඩිවීම හේතුවෙන් මුහුදේ වඩදිය මට්ටම වැඩිවීමේ හැකියාවක් ඇතිබව නාරා ආයතන පවසයි.
භූමි කම්පා සහ කුණාටු තත්වයක් ඇති නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඳ අද පොළොවට ළංවෙයි
siri Monday, 01 January 2018 10:23 AM
ඔන්න හාල් ටිකක්වත් ඉල්ලගන්න හොඳ වෙලාව....