(හර්ෂණ තුෂාර සිල්වා)
සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500කට මෙන්ම සයිටම් ආයතනයේ සිසුන්ට ද බරපතල අපරාධයක් සිදු ව ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
දේශපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සිටින්නේ අර්බුද අධිකරණයට බාර දීමට හෝ ළමයි පාර දීගේ ඇවිද්දීමට නොවන බව ද අමාත්‍යවරයා කියයි.
කොළඹ ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
“සයිටම් අර්බුදය නිසා අපේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට ජාතික අපරාධයක් වෙලා. රජයේ විශ්ව විද්‍යාවල වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500ක් මාස පහකින් දේශනවලට ගිහින් නැහැ. බලාපොරොත්තු ඇතිව සයිටම් ආයතනයට ඇතුළත් වූ දරුවන්ට යන එන මං නැතිවෙලා. මේ ළමයි මොන වරදක් කරල ද? සීමාවාසී කණ්ඩායම් දෙකක් පැමිණීම නැවැතිලා. වෛද්‍යවරු දාහක් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පැමිණීම නැවැතිලා. රටට වෛද්‍යවරු බිහිවීම නැවැතිලා. කථිකාචාර්යවරු දේශනවලට යන්නේ නැහැ. මේ ළමයි මොන වරදක් කරල ද?“
“මැති ඇමැතිවරු ඉන්නේ දොගොල්ලෝ බෙදිලා කෑ ගහගන්න නෙමෙයි. අද කවුරුවත් පිළියම් සොයන්නේ නැහැ. මමත් උසස් අධ්‍යාපනය ඇමැතිධුරය දැරුවා. මගේ කාලයේත් පිළියන්දල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හදන්න ආවා. මම එක පාරින් බෑ කිව්වා. “
“පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍ය නැද්ද කියන එක ගැන ප්‍රතිපත්තිමය තීරණ අරගෙන, නෛතික ආයතනවලින් අවසර අරගෙන, ඒ ක්‍රියාවලියට ගමන් කළ යුතුයි. එය නීතිමය ප්‍රතිපාදන සකස් කරගෙන, ආයතන හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රශ්න කල් දාන්න බැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් කැබිනට් අනුමැතිය දෙනකොට මෙයත් ඒ කැබිනට් එකේ හිටිය එදා බයේ ඉදල දැන් මේ කියන ඒවා අපි අහන්න ඕන ද ?
පෙරටුගාමීන් සහ ජවිපෙ ට මෙම ප්‍රශ්නය බාරදෙන්න
ගැලරියට කතා කරන්ඩ එපා මේක ඇරඹුවේ 2009,2015 වෙනකල් ඔයාලා පොල් ගැවද. ඒ දවස්වල මේකට විරුද්ධව කතා කරලා ඉවර කරන්න තිබුන නේද
කුහකකම් කරලා අන් අයගේ මග ඇහුරුවාම තමන්ට මගක් පෑදෙයි කියල හිතුවට, තමන්ටත් නොදැනීම තමන්ගේ මග ඉබේටම ඇහිරෙනවා කියන එක සත්‍යයක්. මම නම් කියන්නේ, සුදුසුකම් ඇති මුදල් තියන ළමයි පිටරට ගිහින් ඉගෙන ගෙන මනුශ්‍යයින්ට සේවය කරන්න අධිෂ්ඨාන කර ගන්න. ලෝකයේ වෙසෙන මහා ජාතින් සමග සැසදීමේදී ඉතාම සුළු ජනගහනයක් තමයි අපට ඉන්නේ. ඒ සුළු ජාතිය දැනුමෙන් සන්නද්ධ කල විට මහා ජාතියක් බවට පරිවර්තනය වීම මිත්‍යාවක් නොවෙයි. නමුත්, කූපන් පොතෙන්, සහනාධාරයෙන් උපන්දා සිට පෝෂණයවූ අයට ඒ න්‍යාය ඉදිරියටත් කරගෙන යනවා විනා, ලෝක ආර්ථික හා සමාජ, අධ්‍යාපනික න්‍යායයන් ගැන වැටහීමක් ඇති බවක් නොපෙනේ. දේශපාලන න්‍යායෙන් ඔලු ගෙඩිය කුරුවල් කරගත් උන්මන්තකයින් ගෙන් පිරිණු රටක අනාගතය කෙබදු වෙයිද? කොතලාවල වෛද්‍ය පීඨයේ ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට මග අහුරා ඇත්තෙත් ඒ උන්මන්තක භාවයේ ප්‍රතිපලයක් තමයි. උතුරේ හා නැගෙනහිර පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට බුද්ධිමත් දේශපාලකයින් යෝජනා කිරීම අගය කරන අතර ඔවුන්ට ජයවේවා යි පතමි !!!!
සයිටම් එකට පිරිසිදු උත්තරයක් දිය යුතුව තිබියදිත් මෙච්චර කලක් නෑදෑ හිතවන්තකම් වලට, මුදලට පරිපාලනයට මිනිස්සු රිංගුවා සේ සයිටම් එකටද රිංගවා මෙපමණ කලක් පිරිසිදුව පවත්වාගෙන වේදදුරු සේවයට සුදුසුකම් නැත්තවුන් පත් කරන්නට වෙර දරන ඇමති ,මන්ත්‍රී සහ බොරදියේ මාලු බාමින් නැව් ගිලින ඇමතිලා නැතිනම් මෙලහකට මෙම ප්‍රශ්නය සාධාරණව විසඳලා .
පිට රටින් කැස්ස හෙම්බිරිස්සවටත් බෙහෙත් ගන්න ලොකු උදවියට මේවා තේරෙන්නේ නැහැ, මෙහෙම හරි එලියට ආපු දෙය ලොකු දෙයක්
මහින්ද මහතාත් එක්ක එකතුවෙලා මේක පටන් අරන්... රටට මහා විනාශයක් කලා නේද? දැන් නිකන් බබා වෙන්න හදනවා.
පෞද්ගලික විද අදපනය එකම වෛද්‍ය සබාවේ විභාගයක්ය්ට යටත් කොට ඉඩ හල උථුඉ. ලන්ලාවට පෞද්ගලික අදාපන ආයතන අවධාදපනය අවශයි. රජය මෙම ආයතන නියාමය කල උතුඕ. එකම විභාගයක් පවත්වන අතර මුදල් අයකර.රජයේ රෝහල් එල.මේ සඳහා පහසුකම් සැලසිය උථුඉ.සම රජයේ රෝහලකම මුදල් ගසා නේවාසික ප්‍රතිකාර ගැනීම පහසු නම් දෙන්නේ නම් හොඳයි. නෙව් සඳහා නේවාසික වාට්ටු අලුතෙන් චොදේ කරමු
පුද්ගලික රෝහල් තියනවා නම්, ප්‍රයිවට් චැනල් කිරීම් කරනවා නම් සයිටම් තිබුනට වරදක් නැහැ. පුද්ගලික රෝහල්,ප්‍රයිවට් චැනල් තහනම් නම් සයිටම් ද වසා දැමිය යුතුයි. සේරම පිනට ලැබිල ඒවාට වියදම් කරපු ජනතාවගෙන් අසනීපයක් උනාම ගසා කනවනම් මේ ක්‍රමේ ඇති සුභවාදය මොකක්ද ?
වෛද්‍ය සිසුන්ට පමණක් නොවේ, රටේ සමස්ථ ජනතාවට අතීශයෙන්ම බලපාන බරපතල ප්‍රශ්නයක්. මොකද හරි අවබෝධයක්, දෑනුමක් හා මොලයක් නෑති අය දොස්තරවරුන් වුනාම ඒ අයට ලෙඩක් පිලිබද නිවෑරදි විනිශ්චයක් ඈතිව බෙහෙත් කරන්න බෑහෑ. වෙන්නේ ලෙඩ්ඩු මෑරෙන එක. රටේ බහුතරයක් ජනතාවට මේක තේරුම් ගන්න බෑහෑ. මේ දේශපාලකයන් - ඈමතිවරු කිහිප දෙනෙක් සයිටම් පෑත්ත අරන් ඉන්නේ ඒ අයගේ පෞද්ගලික වාසි වලට. ඒත් ජනාධිපතිට තියෙනවා මේ ගෑන මීට වඩා වගකීමකින් කටයුතු කරන්න. මේක රටේ ජනතාවට කරන අසාධාරණයක්.
එදා සයිටම් පටන්ගන්න කොට සද්ද නැතිව ඒකට හෝයිය කියපු අය දැන් අනිත් පැත්තට කතා කරන්නේ දේශපාලන පළපුරුද්දෙන් වෙන්න ඇති., සයිටම් ප්‍රශ්නේ පිටුපස්සේ තියෙන්නේ ඉරිසියාවයි කුහකකමයි විතරයි. එකට කවුරුවත් පලි නැහැ.
සයිටම් හරි කියල කියන්න බැහැ නමුත් පටන් ගත්තේ 2011 දී නේද? ඇයි ඒ දවස් වල සද්ද කලේ නැත්තේ.දැන් ඒ ළමයි අවුරුදු 5-6 විතර ඉගෙන ගෙන ඉන්න අය නේද? ඇයි MBBS කරපු දොස්තරලා හරියට වැඩ කරනවද?ඒගොල්ලන්ට වැරදෙන්නේ නැද්ද? 2011 දී හරියට සුදුසුකම් බලල ගත්තානම් මේ ප්‍රශ්නය නැහැ නේද? මම දන්නා හැටියට 2011 දී උසස් පෙළ කළා අංශයෙන් කරපු ළමයි ඔතන ඉන්නවා එක වැරදියි තමයි. නමුත් දැන් මොකද කරන්නේ ඒක 2011 දී නේද නවත්වන්න තිබුනේ.මම නම් කියන්නේ ඒ ළමයින්ටත් අසාධාරනයක් නොවෙන්න ආපහු හොඳ පුහුණුවක් දීල ඊළඟ සැරේ ඉඳල උසස් පෙළ හොඳ ප්‍රතිපල තියෙන වයිද්‍ය විද්‍යාලෙට තේරුනේ නැති ළමයින්ව සයිටම් එකට ගන්න කියල.
පෞද්ගලික අධ්‍යාපනය නැති කරන්න හදන්නේ ඉරිසියාවටයි තියෙන කුහකකමටයි.
මස් රාත්තල ඉල්ලලා ආණ්ඩුවේ සිසුන් දේශණ වලට නොයන්නේ ඒ ගොල්ලන්ගේ කැමැත්තෙන්. සයිටම් සිසුන්ට කරදර වෙලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ කැමැත්තෙන් නෙවෙයි. දේශණ අලට නොයන සිසුන් එළියට දාලා ඊලඟට ලකුණු තියෙන සිසුන්ව ගත්තානම් ප්‍රශ්ණේ විසඳෙනවා.
ඔව් ඕක මහින්ද පටන්ගන්නකොට සුසිල් හිටියේ කොහෙද .
මෙම ජාතික අපරාධයට චේතනාන්විතව සම්බන්ධ වූ සියළුම දෙනාට ස්වභාධර්මය විසින් දඬුවම් දෙනු ඇත.
දෙයියනේ මෙයා අහසින් වැටිලද නැත්නම් මැරිලා ඉපදිලාද?
සයිටම් වෛද්‍ය උපාධි පිරිනැමීමේ ආයතනය මගින් මේ රටේ නිදහස් වෛද්‍ය අධ්‍යාපනයට ඉදිරියේදී එල්ල වන අති බියකරු අවධානම ගැන අප රටේ බහුතරයක් ජනතාවට තේරුමක් නැත. මේ රටේ පාලකයින් සැරසෙන්නේ ඉදිරියේදී වෛද්‍ය අධ්‍යාපනයත්, දේශපාලනය මෙන් පියාගෙන් පුතාට හෝ දියණියට පැවරීමේ ක්‍රමවේදයකට අනුගත කිරීමටයි. දැනට තම පවුලෙන් පිටස්තර කෙනෙකුට ආසන සන්විධායක කමක් ගැනීමට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වීමට කිසිම දේශපාලන පවුලක් ලේසියෙන් ඉඩ දෙන්නේ නැත. එසේ ආවත් මුල් අවධියේදීම මැර හෝ සල්ලි බලයෙන් නවකයා මර්ධනයට හෝ මරණයට පත්වනු අැත. දැන් පාලකයින් උත්සාහ ගන්නේ එම නීතියම වෛද්‍ය වෘත්තිය සඳහාත් ස්තාපනය කොට අඩු සුදුසුකම් අැති තම දරුවන් වෛද්‍යවරුන් කොට මෙතෙක් කලක් තම පවුලට නොතිබූ වංශවත් බව මුදල් බලයෙන් හෝ ලබා ගැනීමටය. ඒ සඳහා වන බර පැන කොන්ත්‍රාත්කරුවෙක් හෝ පාතාලයෙන් දරනු අැත. ඉදිරියේදී තම ඉඩ කඩම් උකස් කර හෝ සාමාන්‍ය පවුලක ළමයෙකුට සයිටම් ආයතනය වැනි ආයතන වලට අැතුලු වීමට නොහැකි වනු අැත. ඒවාට දේශපාලන, පාතාල, සල්ලිකාර පවුල් අතරම තරගයක් පවතිනු අැත. මීට අමතරව ඉහල ලකුණු, ගෞරව උපාධි, පත්වීම් සදහා හොඳ රෝහල් ආදියද මෙම අයගේ දරුවන්ටයි..
එක්කෝ මේ හාදයා මැරිලා ඉපදිලා.. නැතිනම් මේ හාදයා හිතනවා අපි මැරිලා ඉපදිලා කියලා.. සයිටම් හදද්දි තමුන් කොහේද හිටියේ...? වතුර එක්ක පෙට්‍රල් ගෙන්වමින් හිටිය හින්දා වැඩ වැඩි වෙන්න ඇති නේද?
සුසිල් කුණුකූඩෙට වැටිලා ඉවරයි. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා කඩුවෙල විමල්ට බාර දෙන්න. දැන් ගෙදර ගියොත් හොඳයි.
මිනී පෙට්ටි විකුණන්න නම් මින්ස්සු මැරෙන්න ඕනෑ මුදලාලි පතන්නේ මිනිස්සු මැරෙන්න. දොස්තරලාට ඕනෑ ලෙඩ්ඩු වැඩිවෙන්න. මොන දොස්තර කොහොම කොච්චර ඉගෙනගත්තත් බෙහෙත් තීරණය කරන්නේ ලොකු අධ්‍යාපනයක් නැති මෙඩිකල් රෙෆ්. දොස්තරලා බලන්නේ කොමිෂන් එකයි, සෞඛ්‍ය අමාත්‍යාංශයයි දෙකම පුද්ගලීකරණය කරලා අහිංසක මිනිසුන්ගේ බදු බර අඩු කරලා ලෙඩක් හැදුණොත් බෙහෙත්, සල්ලි දීලා ගන්න පුළුවන්...
අඟහරු ලෝකයෙන් ආපු එක් කෙනෙක් වගේ...
ඇමැතිතුමාට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ.. 2009 ඉඳලා මේ වෙනකම් එයා කට වහගෙන ඉඳලා දැන් ගැලරියට කතා කරනවා.
වෛද්‍ය සිසුන්ට ජාතික අපරාධයක් කලේ හිටපු අධ්‍යාපන ඇමැතිතුමායි. වහාම ඔහුට විරුද්ධව කටයුතු කරන්න. රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු නම් මුළු රටේම ජනතාව මුලා කළා. රටේ ජනතාව මෙන්ම ජනාධිපතිතුමාත් රැවැට්ටුවා. වෛද්‍ය සිසුන් 6,500ක්ගේ ඉගෙනුම අවුල් කර.. දැන් මොවුන්ට විරුද්ධව අධිකරණයට යාමට කාලයයි..
හිටපු ලොක්කෝ රටම අවුල් කලා. සුසිලුත් මේ ආණ්ඩුවේ ලොක්කෙක්. දැන් බබා පාර්ට් දානවා.
ඔය කෙහෙල්මල් සයිටමය හරි යන්නේ නැහැ. ඔය මගුල වහල දාන්න තවත් රට අවුල් කරන්නේ නැතුව.