IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සමාජජාල වෛරී ප්‍රකාශ වලට ප්‍රංශ නීතී තර කෙරේ

 


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
 
       

වර්ගවාදය,ආගම්වාදය,ජාතිවාදයට අනුබල දෙන වෛරය හා ක්‍රෝධය ඇති වෙන  අයුරින්  අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලා වල නීති විරෝධි ලෙස පළවන ප‍්‍රකාශන වලට එරෙහිව නව නීතී  මාලාවක් ගෙන ඒමට ප‍්‍රංශ රජය ක‍්‍රියා කරමින් සිටී.  

 ඒ අනුව අන්තර් ජාලය භාවිතා කරමින් මුහුනු පොත, ටුවිටර් ගිණුම්, යු ටියුබ් , ඉන්ස්ට‍්‍රැග්‍රෑම්,  රෙඩිට් හා වෙනත් සමාජ ජාලා ආදිය අයත් සමාජ ජාලකරණයන් හී වෛරය හා ක්‍රෝධය ඇතිවන අයුරින් පළ කරන අදහස් වලින් සමන්විත වදන්, කාටුන්, චිත‍්‍ර හා වෙනත් දැ හඳුනා ගැනීමෙන් පසු පැය 24ක් ඇතුළත එම ගිණුම් වලින් ඉවත් කිරීමට හා එම ගිනුම් අයත් අන්තර් ජාල පහසුකම් සපයන සමාගම් හා අදාල ගිණුම් හිමියන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කොට විශාල දඩ මුදලක් සහිතව දැඩි දඬුවම් ලබා දීමටත් අවශ්‍යය නව නීති මාලාවක්  ගෙන ඒමට ප්‍රංශ රජය සුදානම් වේ.

මේ වෙනුවෙන් ප්‍රංශ පාර්ලිමේන්තුව සුදානමින් බව  ප‍්‍රංශ අගමැති එඩුවා පිලිප් මහතා ප‍්‍රංශයේ රූපවාහිණි සාකච්චාවකට සහභාගි වෙමින් සඳහනක් කළේය.. 
       

ඒ අනුව ඉදිරි කාලය තුලදී ප‍්‍රංශය තුළ වර්ගවාදයට උඩ ගෙඩි දෙමින් වෛරය හා ක්‍රෝධය පිළිබිඹු වන දැ පළ කරන පුද්ගලයන් අත් අඬංගුවට ගෙන දැඩි දඬුවම් ක‍්‍රියාත්මක කිරීමට ඇවැසි පරිසරය ගොඩ නැගෙමින් පවතී. 

ඒ සඳහා සමාජජාලා විශේෂඥයන්ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණ කාර්යාංශයක් අභ්‍යයන්තර ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පැය 24 පුරාවට ඒ ගැන විමසිල්ලෙන් සිටීමට කටයුතු සිදු කරන බවත් හඳුනා ගත් එවැනි පුද්ගලයන් වැටලීමට විශේෂ පොලිස් බලකායක් පිහිටුවීමට කටයුතු කරන අතර එවැනි පුද්ලයන් ගැන මහජන පැමිණිලි ලබා ගැනීමට විශේෂ පොලිස් දුරකථන අංකයක් හඳුන්වා දීමටද තීරණය කර ඇතැයි ප්‍රංශ  අගමැතිවරයා සඳහන් කළේය.

මේ අනුව ඉදිරි දින කිහිපය තුළ  එයට අදාල නීති කෙටුම්පත් පාර්ළිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. 
 
 



අදහස් (11)

සමාජජාල වෛරී ප්‍රකාශ වලට ප්‍රංශ නීතී තර කෙරේ

රෝහන Wednesday, 21 March 2018 06:54 AM

මේ නීති මේ රටට ද හදුන්වා දීමට ලංකා රජය ප්‍රංශ රජයේ දැනුම ලබා ගත යුතුය.

:       67       120

.රොහාන් දයාදර පැරිස් Wednesday, 21 March 2018 07:16 AM

ශ්‍රී ලංකාවේ ත් හැකි ඉක්මනින් ප්‍රංශයේ අලුතින් සම්මත කරන්න යන නීතිය අපේ පාර්ලිමේන්තුවෙන් සම්මතකර ක්‍රියාත්මක කල යුතුමයි ඉදිරියේ කවූරු රට පාලනය කලත් රට ආරක්ෂා කිරීම රජයක වගකීම බැවිනි.

:       0       17

Nandalal DE SILVA - France Wednesday, 21 March 2018 08:13 AM

දැක්කා නේද මා පදිංචි රටෙන්, මා උපන් රට ඉගෙන ගත යුතු පාඩම්? සමහර මාධ්‍යජාලා රටකට දරුණු වින කරන භූතයින් වගෙයි! ඒ අය දුම්මල ගහලවත් එලවන්න අමාරුයි. එ්ත් කොහොම හරි එලෙව්වේ නැත්නම් රටත්, අනාගත පරපුරත් විනාශයි !!!

:       33       45

nuwan Wednesday, 21 March 2018 08:19 AM

මේක නම් බොරු.. මුහුණු පොතට ඇමසෝන් තව කීපයකට බද්දක් අය කරන්න යන බවක් නම් ප්‍රංශ 02 රූපවාහිනියෙන් කිව්වා....

:       1       3

sadun Wednesday, 21 March 2018 08:23 AM

මේක බොරු පුවතක්... ප්‍රංශයේ උන්නට භාෂාව වරදවා තේරුම් අරන්..

:       1       0

ජගත් - පැරිසිය Wednesday, 21 March 2018 09:26 AM

මේ සුනිල් ආනන්දගේ කෙබර අදහසක් පමණක් බවයි මගේ අදහස. ප්‍රංශයේ එවැනි නීති ගෙන ඒමට ප්‍රංශ ව්‍යවස්තාව අනුව අමාරුයි. මොකද ප්‍රංශයේ " නිදහස " ඒ තරමට ගැඹුරින් අර්ථකථනය කරලා තියෙන නිසයි.

:       1       4

kalpa Wednesday, 21 March 2018 10:07 AM

ප්‍රංශයේ සෑම දරු උපත් තුනකටම එකක් අර අහවල් උදවිය...

:       1       0

pahan Wednesday, 21 March 2018 10:12 AM

අද අප්‍රේල් පළවෙනිදා නෙමෙයි නේද?

:       0       9

wimukthi Wednesday, 21 March 2018 10:17 AM

ප්‍රංශ රජය ක්‍රියාකරමින් තිබේ කියලා තියෙන්නේ. එෆ්.බී.අයි එකෙන් ඉල්ලුවත් පුද්ගලික තොරතුරු දෙන්නේ නැහැනේ... ෆේස් බුක් සමාගම. දැක්කනේ ඇමරිකානු මැතිවරණයට තොරතුරු දුන්න සැකයට සමාගමේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 40 කින් වැටිලා. තවත් එවැනි අවදානමක් ගනීවිද එයාලා.. මේවා බොරු දේවල්...

:       0       0

alvis paris Wednesday, 21 March 2018 10:17 AM

වෙන රටවල් වල නීතියක් කියලා දෙයක් තියෙන නිසා තමයි සුනිල් මහත්තයට මැදපෙරදිගින් පිටේ කසපහරවලුත් එක්කම පිටවෙන්න සිද්ද වුනේ...

:       0       0

ravi Thursday, 22 March 2018 07:10 AM

ලෝකයේ හැම රටකම අන්තර්ජාලය මුහුනුපොත පාලනයවෙනවා , ඇයි මේවා අපේ රටට අදාල නැත්තේ ? අද ලෝකයේ අන්තර්ජාලය හුඟක් අබිරහස් දේවල් වලට සම්බන්ද කරගෙන තියනවා ... බාලවයස් දරු / දැරියන් දුෂණය , සිය දිවි නසා ගැනීම් වගේ දේවල් ... දේශපාලන අරගල ..මීට හේතුව මේක නොමිලේ සහ පාලනයක් නැති නිසා නේද ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site