(මනෝප‍්‍රිය ගුණසේකර)
නිවෙස් හිමිකාරිය මරා දැමීමේ චෝදනවට වරදකරු වු නිවසේ මෙහෙකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (05) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 23කට ඉහත සිදුවු මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකාරිය වී මරණ දඬුවම නියම වී සිටියදී හොර රහසේ විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණීමේදී අල්ලා ගත් මුත්තුසාමි සරස්වතී නමැති කාන්තාවට මෙලෙස මරණ දඬුවම නියම කළේය.
1995 මැයි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ප‍්‍රදේශයේදී කුසුම්සිර අමරාවති නමැත්තියගේ මරණය සිදුකළ බවට විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් වු නඩුව විභාග කෙරෙන අතුරතුරදී විත්තිකාරිය හොර රහසේ විදේශගතවීම නිසා ඇය නොමැතිව නඩුව විභාග කොට විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඇය එම චෝදනාවට වරදකාරිය බවට තීරණය කොට තිබිණි.
ඒ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇයට මරණීය දඩුවම නියම කළ අතර ඇය අල්ලා ගැනීම ස`දහා ඇයට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කොට තිබිණි.
එසේ තිබියදී විත්තිකාරිය යළි ලංකාවට පැමිනීමේදී ඇය අල්ලා ගෙන තිබු අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට එරෙහිව නියම කොට තිබු දඬුවම කි‍්‍රයාත්මක කිරීමට විනිසුරුවරයා නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
978
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 23 කට පෙර නිවෙස් හිමිකාරිය මරා දැමී යැයි මෙහෙකාරියට මරණ දඬුවම
Chanak Los angeles Tuesday, 05 June 2018 04:53 PM
දේසපාලනික නොවන මිනීමැරුම් වලට ලස්සනට නීතිය ක්‍රියාත්මක වෙලා දඬුවම් ලබාදෙනවා. දේසපාලනික මිනීමැරුම් අවිනිශ්චිත ගිණුම් වලට බැර වෙනවා. හරි ලස්සන නීතිය. අපිට මතක් වෙන්නේ රන්ජන් නීති පද්දතිය ගැන කියපු දේවල් තමයි .