IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බාර වෙති

(ඩී.ජී.සුගතපාල)


රත්ගමදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ  දෙපාර්ත‍මේන්තුවට අවශ්‍යව සිටි තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අද (27) පස්වරුවේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාරවූහ.
 
මෙසේ බාරවුයේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු කොස්තාපල්වරුන් වන අනිල් කුමාර සහ රාගමුණිගේ විජිත කුමාර යන දෙදෙනාය.
 
එම නඩුව අද පස්වරුවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නිතිඥයෙකු     මාර්ගයෙන් සැකකරුවන් දෙදෙනා මෙසේ බාරවූහ.
 
ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 17කි.එයින් 15ක්ම දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් නිලධාරින් වන අතර දෙදෙනක් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.
 
සැකකරුවන් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලු දෙනාම අප්‍රියල් 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 
 
ඉකුත් ජනවාරි 23 දින රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පැහැරගෙන යාම ඝාතනය කිරිම කුමන්ත්‍රණය කිරිම එම අපරාධයට ආධාර අනුබලදිම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී



අදහස් (0)

ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බාර වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site