IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


වනයේ හිතවතා ඩේස්මන්ඩ් වයිට් සමුගනී

(හර්ෂණ තුෂාර සිල්වා)

මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර  නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

කතරගම රූමතිය යන නමින් හැඳින්වු ප්‍රේමවතී මනම්පේරී ඝාතනය සියැසින් දුටු කිහිපදෙනාගෙන් අයකු ලෙස සැලකෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා මියයනවිට 86 වැනි වියේ පසුවිය.

තෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු ලෙස වසර 1956 දී වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ සේවයට එක් වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා විශ්‍රාම යනවිට වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙක් විය.

ප්‍රේමවතී මනම්පේරිගේ පියා එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා යටතේ සේවය කළ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු බව ද පැවසේ.
70 සහ 80 දශකවලදී යාල වන උද්‍යාන භාරකරු ලෙස දෙවරක් කටයුතු කර තිබෙන එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතාගේ ඥාති සොහොයුරෙක් ද වෙයි.

එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ දේහය මේ වනවිට කළුතර තිසරණ සරණ වැඩිහිටි නිවාසයේ තැන්පත් කර තිබෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු සෙනසුරාදා 17 ගොමගමුව, කුලියාපිටිය පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

ඡායාරූප - ඩේස්මන්ඩ් වයිට් විසින් රචිත ‘වන දිවියේ පිය සටහන්“ කෘතිය ඇසුරිනි



අදහස් (6)

වනයේ හිතවතා ඩේස්මන්ඩ් වයිට් සමුගනී

පිටිගල මිලානෝ Thursday, 15 June 2017 04:04 PM

ප්‍රේමවතියට මේ කල අපරාධය කතරගම දෙවියන්ටවත් පෙනුනේ නැද්ද? හැබැයි වයිට් මහත්තයා නම් දැක්කා එසේනම් මෙතුමාගේත් ජීවිතය බේරිලා ඇත්තේ අනුනවයෙන්.

:       0       7

ranjithbogoda Friday, 16 June 2017 12:20 AM

හරිම දුකි ඔබට නිවන් සුව

:       0       3

jayasena Friday, 16 June 2017 12:42 AM

ඔබට ඔබේ අාගමේ හැටියට අාශිර්වද වේවා.අපි නිවන් සුව පතමු.ඔබෙත් ඔබේ සහෝදරයාටත් සියල්ලන්ගේ ප්‍රණාමය හිමි වේවා!

:       0       11

Roshan Friday, 16 June 2017 01:58 AM

එතුමාට නිවන් සුව ලැබේවා කියා ප්‍රර්තනා කරමි

:       1       4

Chanak Los angeles Friday, 16 June 2017 05:32 AM

එම ඝාතනයේ සියල්ලන්ටම එදා පාලකයන් දඬුවම් ලබාදුන්නා ... මෙදා පාලකයන් ඝාතකයන්ට ලබාදෙන්නේ උසස් වීම සහ තානාපතිකම් ...

:       1       28

Athula k Friday, 16 June 2017 08:56 AM

ප්‍රේමවතී මහත්මිය ඝාතනයට සම්බන්ධ වුණු පොලිස් නිලධාරියා මියගියේ දුම්රිය ස්ථානයක යාචකයෙක් ලෙස ඇති තරම් විඳවලයි. නමුත් අද කාලේ අය...?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
2024 පෙබරවාරි මස 25 344 0

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
2024 පෙබරවාරි මස 25 503 0

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
2024 පෙබරවාරි මස 25 836 0

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල්


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
2024 පෙබරවාරි මස 25 375 0

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගු


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
2024 පෙබරවාරි මස 25 92 0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපය


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
2024 පෙබරවාරි මස 25 541 0

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site