(ජේ.ඒ.එල්. ජයසිංහ)
විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍ය බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ ඊයේ (2) පැවසූහ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමන්වහන්සේ විරුද්ධ බව කී උන්වහන්සේ එවක සිටි ජනාධිපතිවරයාට තිබූ වාතාවරණය හමුවේ එය ක්‍රියාත්මක කිරීමට සිදුවූ නමුත් එයට ද විධායක ජනාධිපති ක්‍රමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය වගන්ති ඇතුළත් කර තිබූ බව සඳහන් කළහ.
තම තමන්ගේ බලය රැක ගැනීමේ න්‍යාය පත්‍රයෙන් දේශපාලනඥයන් ඉවත් විය යුතු බව කී උන්වහන්සේ මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඔවුන් පිළිගන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ද කියා සිටියහ.
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් මෙසේ පැවසුවේ ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව විපක්‍ෂය හා එක්වූ එජනිස මන්ත්‍රීවරුන් 15 දෙනා ඊයේ (2) අස්ගිරි මහා විහාරය වෙත පැමිණ එහි මහ නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් අවස්ථාවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, එක පුද්ගලයකු අතේ අසීමිත විධායක බලය තිබෙන එක එච්චර හොඳ දෙයක් නොවෙයි නේද?
ලංකාවේ තිබුන විධායක ජනාධිපතිකම දෙවැනි වෙන්නේ රජකමට විතරයි. නමුත් දැන් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ තරමකට බර සැහැල්ලුවෙලා තියෙනවා. මේ බලතල අඩු වැඩි කරගන්න ඊළඟ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් පුළුවන් වෙයි. ලෝකේ ගොඩක් රටවල තිබුන රජ කිරුළවල් අවලංගු කරලා තියෙන්නේ ඒක පුද්ගල අධිකාරියෙන් ජනතාව පීඩනයට පත්වෙන නිසයි. ජනාධිපතිකම දෙපාරක් වගේ අඩු කාල සීමාවකට යටත් කරලා තියෙන්නෙත් පුද්ගල වන්දනාව නැතිකරලා දමන්නයි. ලංකාවට සුදුසු වන්නේ ඉන්දියාවේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කියලයි මම නම් හිතන්නේ.
නමුත් හාමුදුරුවනේ මෙරට ඡන්ද දායකයින් මිලියන 6 කට වැඩි කොටසක් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියාලා. එහෙම කියාලා වැඩි කලක් නැහැනේ? බලයට ආපු උදවියත් ඡන්දෙ ඉල්ලුවේ එක අහෝසි කරනවාම කියලනේ?
ලංකාවට රජෙක් නැති එකේ විධායක ජනාධිපති කෙනකේ හිටියොත් හොඳයි. එහෙමයි කියල ඒ ජනාධිපතිත් බ්‍රිතානයේ මහා රැජිනට අවාඩ සලසන තත්වයක් වුනත් වැඩක් නැහැ. අනිත් පැත්තෙන් ජනධිපති අාත්මාර්තකාමියෙක් උනාට වුනත් වැඩක් නැහැ. ජේ ආර් ජයවර්ධන මහතාට කොපමණ බනින මිනිස්සු ඉන්නවද, එත් එතුමා ලංකාව යුරෝපයේ ගැති කමෙන් ගලවන්න ගෙනාපු දේශපාලන ක්‍රමයක් කියල තම මට නම් හිතෙන්නේ.
මහාත්තයෝ ලංකාව කියන්නේ අවුරුදු තිහක් යුද්ධයක් තිබුණ රටක් කියලා මතක තියා ගත්තොත් හොඳයි.විධායක ක්‍රමය නොතිබුණානම් අදටත් එහෙනම් යුද්ධයකින් බැට කන ජාතියක්.අපේ රටේ හොර දේශපාලකයෝ වෙස් මාරු කරන විදිහට කිසිදාක ව්‍යවස්ථාවක් සම්මත කරන්න වෙන්නේ නෑ.මම නම් කියන්නේ රටේ සාමය සියයට සීයක්ම ස්ථාපිත වෙනකන් මේ විධායකය තිබිය යුතුයි.යුද්දෙ ඉවර වෙලත් දේශපාලනය කරන හොරුටික තවමත් නටන නැටිලිටික ඉවරයක් නැහැනේ.
ඔව් හාමුදුරුවනේ මේ අයට ඒක තේරෙන්නේ නැත. අනික සාමාන්‍ය ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය තිබුනයි කියා දැනෙන නොදැනෙන ක්‍රමයක් නැත. ත්‍රස්තවාදී අවස්තාවකදී ඊට විරුද්දව ක්‍රීය කරන්න ජනාධිපති කෙනෙකුට විධායක බලය අවශ්‍යයි.
විධායක ජනාධිපති ක්‍රමය ලෝකේ බොහෝ රටවල තියෙන එකක්. ඕක නැති කරලා පළාත් සභා බල ගැන්වුවොත් කොහොම සිටීද!